ආකර්ශනය වැඩි වූ පැරගුවේ පිහිනුම් ක්‍රීඩිකාව ඔලිම්පික් ගම්මානයෙන් නෙරපයි

පැරගුවේ පිහිනුම් ක්‍රීඩිකා ලුආනා ඇලොන්සෝ 2024 පැරිස් ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා හැරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ආකර්ෂණීය ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩිකාව ඇගේ ‘නුසුදුසු හැසිරීම’ හේතුවෙන් පැරිස් ඔලිම්පික් උළෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගම්මානයෙන් ඉවත් කර ඇති බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.

පැරගුවේ ප්‍රධානීන් ප්‍රංශ මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ඇය ‘පුද්ගලික’ ආකාරයෙන් ක්‍රියා කිරීම නිසා අනෙකුත් ක්‍රීඩිකාවන් සහ රට අපකීර්තියට පත් කර ඇති බවයි.

අවසන් වටයට සුදුසුකම් නොලබා තරගයෙන්ඉ වත් වූ ඇය ඡායාරූප ගනිමින් ඇවිදිමින් තවමත් තරගවල යෙදෙන සෙසු ක්‍රීඩිකාවන්ගේ අවධානය ද වෙනතකට යොමු කරන බවයි ඔවුන් පවසන්නේ.

මෙම ආකර්ෂණීය පිහිනුම් ක්‍රීඩිකාව පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 100 සමනල ආර ඉසව්වෙන් පැරගුවේ නියෝජනය කළ නමුත් ඇය එක්සත් ජනපදය වෙනුවෙන් පිහිනීමට කැමති බව ප්‍රකාශයට පත් කිරීම නිසා ද ආන්දෝලනයට ලක් වුණා.

ඇය පිහිනුම් තරගවලින් ඉවත් වූ පසු පැරගුවේ කණ්ඩායම් ප්‍රධානීන් විසින් ලබා දෙන නිල ඇඳුමට පරිබාහිර ඇඳුම්වලින් සැරසී පැරිස් නගරයේ ඇවිදීමට ගොස් ඇති බවට ද ඇයට චෝදනා එල්ල වුණා.

ඇලොන්සෝ ප්‍රංශ අගනුවර හෝටල් හා සුඛෝපභෝගී වෙළඳසැල් සහ ආපනශාලා වෙත ගොස් සමාජ මාධ්‍යවල 600,000 කට අධික ඇගේ අනුගාමිකයන් සමඟ එම ඡායාරූප බෙදා ගෙන තිබුණා.

Latest News

More like this

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...

පකිස්තාන සංචාරය නවතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් කොටසක් ආපසු ඒමට තීරණය කරලා !

ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පාකිස්තාන සංචාරයක...

ධනුෂ්ක මත්තේඕ, පැය 25 ක ධාවනයකින් පසු ඉතාලියේ Puglia UTMB World Series Race එක අවසන් කරයි

යුරෝපයේ ඇති දිගම සානුව වන 🇮🇹 ඉතාලියේ Puglia ප්‍රදේශයේ...
error: Content is protected !!