මට ඇමති ධූරය නැති වුණා.. ඊශ්‍රායලයට යන්න බලන් හිටි තරුණයින් ඉදිරියේ සංවේදී වූ මනූෂ

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් සමගි ජන බලවේගය ජයග්‍රහණය කර ඇති බවත් තමන් මෙතැන් සිට අමාත්‍ය ධුරයේ කටයුතු නොකරනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළා.

ඊශ්‍රායලයේ රැකියාවට යවන තරුණියන් පිරිසක් සමඟ සාකච්ඡා කරමින් සිටිය දී දුරකතන ඇමතුමක් මඟින් ඔහුට ලැබුණු පණිවිඩය පිළිබඳ එම තරුණයින්ට දැනුම් දෙමින් ඔහු මේ බව කියා සිටියා.

එම පණිවිඩය එන අවස්ථාවේ ඔහු තරුණයින් අමතා කියමින් සිටියේ පසු ගිය කාල සීමාවේ නැවතී තිබූ ඊශ්‍රායල කෘෂිකාර්මික අංශයේ රැකියාවලට නැවත රැකියා කෝටාව වැඩිවෙමින් පවතින බවයි.

ඔහුගේ ඇමති ධුරය අහිමිවීමත් සමඟ එම රැකියාවලට කුමක් වන්නේ දැයි තරුණයින් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ඒ පිළිබඳ තමන් නොදන්නා බවත් ඊශ්‍රායලය මේ සම්බන්ධයෙන් කුමන පියවරක් ගනීද යන්න දැන්ම ප්‍රකාශ කළ නොහැකි බවයි.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...