ලාල්කාන්ත අත්අඩංගුවට ගන්නැයි සජබයෙන් CIDයට පැමිණිල්ලක්

ගෝල්ෆේස් අරගලය පාර්ලිමේන්තුව දෙසට හැරවීමට ගත් උත්සහය අසාර්ථක වූ බවට සිදු කල ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත අත්අඩංගුවට ගෙන විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ නීතිඥවරුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත් තමා විසින් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් ගැටලු‍වක් ඇත්නම් ඒ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණීලි කරන්න ලෙස කඩුගන්නාව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලාල්කාන්ත තිබුණා.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගත යුතු බව ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී දිලිත් ජයවීර මහතාට සහය දෙන කණ්ඩායමේ කෙනෙකුවන පොහොට්ටුවේ මන්ත්‍රී උදය ගම්මන්පිල පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

අරගල සමයේ මෙරට පාර්ලිමේන්තුව අත්පත් කරගන්නට සැලසුම් කළේ, ජනතා විමුක්ති පෙරමුණ බව කියමින් කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ඔහු අත්අඩංගුවට ගැනීමට මූලික ම හේතුව බවයි උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා සිටියේ.

ඊට පිළිතුරු ලෙස තමා අත්අඩංගුවට ගන්නා ලෙසට පාර්ලිමේන්තුව තුළ පාරම්බෑම නවතා පොලිසියට ගොස් ඊට අදාළ පැමිණිල්ලක් කරන ලෙස ජාතික ජන බලවේගය ජාතික විධායක සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත පැවසුවා.

තමා අත්අඩංගුවට ගන්නැයි මන්ත්‍රී උදය ගම්මන්පිල අභියෝග කරනවා නම් ඒ අනුව, අත්අඩංගුවට ගෙන පෙන්වන ලෙස ඔහු අභියෝග කළා.

උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සමග ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් වන ෂෙහාන් සේමසිංහ, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට සැලසුම් කළ බවට කේ.ඩී. ලාල්කාන්ත මහතා උත්සාහ ගත් බවත් අපරාධ නීතිය යටතේ ඔහු වහා ම අත්අඩංගුවට ගන්නා ලෙසත් ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල ඉදිරිපත් කළ නීතිඥයින්, දණ්ඩ නීති සංග්‍රහයේ හයවෙනි වගන්තිය අනුව ඒ සදහා මරණීය දඬුවම නියම කළ හැකි වරදක් ලාල් කාන්ත මහතා සිදුකර හැකි කර ඇති බව මෙහි දී කියා සිටියා.

Latest News

More like this

පරිපාලනයක් නැතිව ජාතික රෝහල ලෙඩ වෙයි.. හදවත් රෝගීන්‍ට ලක්ෂයක බේත් පිටින් ගේන්න කියයි

කොළඹ ජාතික රෝහලේ සැත්කම් නියම කරනු ලබන හෘද රෝගීන්ට...

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...
error: Content is protected !!