මනූෂ වෙනුවට බන්දුල ලාල් බණ්ඩාරිගොඩ

මනූෂ නානායක්කාර මහතා සමගි ජන බලවේගයේ පක්ෂයෙන් නෙරපා හැරීම නීත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත් සමඟ මනූෂ නානායක්කාර මහතාට මන්ත්‍රී ධුරය අහිමි වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු වෙනුවට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ළඟදීම රැස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා.

Latest News

error: Content is protected !!