යුද්ධයෙන් පස්සෙ ගැටුමක් ඕන වුණා… ඒකට මුස්ලිම් ප්‍රජාව ගොදුරු වුණා

මුස්ලිම් කොංග්‍රසයේ කෙනෙක් පත් කර ගැනීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තු මැතිවරණයේ දී එය සිදු කරන ලෙසත් මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය දිනවීමට ඡන්දය භාවිත කරන ලෙසට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (08) බියගම, මල්වාන දී පැවති මුස්ලිම් සහෝදරත්වයේ රැලිය අමතමින්.

මුස්ලිම් ජනතාවට විරුද්ධව විවිධ ජාතිවාදී සංවිධාන ගොඩනැගෙන්නේ යුද්ධය කාලයේ දී නොවන අතර යුද්ධයෙන් පසුව බව ඔහු සඳහන් කළා.

මේ දක්වා රට පාලනය කළ දේශපාලනඥයින් බලයට පැමිණීම සඳහා විවිධ අවස්ථාවල දී ජාතිවාදය යොදාගත් බවත් එම කැත දේශපාලනය සැප්තැම්බර් 21 වැනිදා අවසන් කිරීමට එකතු වන ලෙස ඔහු මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටියා.

ඔහු එහි දී වැඩිදුරටත් මෙසේ පවසා සිටියා.

“උතුරේ යුද්ධය අවසන් වූ පසු ඒ අයට නැවත ගැටුමක් අවශ්‍ය වුණා. මහරගම විශාල විරෝධයක් දියත් කළා. ඒ වේදිකාවේ හිටියේ තිලංග සුමතිපාල. අද ඒ තිලංග සුමතිපාල සජිත් ප්‍රේමදාස එක්ක කරට අතදාගෙන ඉන්නවා. කොහොමද එහෙම වෙන්නේ.

වඳ කොත්තු, වඳ ඇඳුම්, තිබෙනවා කියලා මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රචාරයන් ගෙන ගියා. ඇඳුම් ඇන්දාම වඳ වෙනවා කියලා පොහොට්ටුවෙන් සොයා ගත්තා. අම්පාර පැත්තේදි කොත්තු කෑවාම වඳවෙනවා කියලා පොහොට්ටුවෙන් සොයා ගත්තා. ඊට පස්සේ සිදුවුණු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකයට තුඩු දෙන විශාල කරුණු ප්‍රමාණයක් තිබෙන බව කවුරුත් දන්නවා.

මේ පන්නයේ කැත දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමට එළඹෙන 21වැනිදා ජනාධිපතිවරණයේදී හැමෝම එකට එකතුවෙමු කියලා ඉතාම ඕනෑකමින් ආරාධනා කරනවා.

ජාතිවාදය ඇවිස්සූ, කෝවිඩ් වසංගතයෙන් මියගිය ඉස්ලාම් භක්තිකයන් ලෝකයේ අනෙක් රටවල මිහිදන් කරද්දී ලංකාවේ විතරක් ආදාහනය කරන්න ඕනෑ කියපු ආණ්ඩුව නියෝජනය කළ නාලක ගොඩහේවා ඉන්නේ සජිත් එක්ක.

ජාතිවාදයේ විෂ වපුරා පෝෂණය කළ පොහොට්ටුව අද තුනට කැඩිලා. 2009යේ යුද්ධය අවසන් වූ පසු සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් ජීවත් වෙන රටක් ගොඩනඟයි කියලා ජනතාවගේ අපේක්ෂාවක් තිබුණා. ආණ්ඩු කරපු ඔය කිසිවෙක් ජනතාව සහෝදරත්වයෙන් ඉන්න රටක් හදන්නේ නැහැ. ඒ ගොල්ලන්ට හැමදාම ඕනෑ ගැටුම් තිබෙන, යුද්ධ තිබෙන, එකිනෙකා අතර වෛරය පතුරවන රටක්.

චන්ද්‍රිකාට ඡන්දය දුන්නේ දූෂණ, වංචා නතර කළා කියලාද? රට හැදුවා කියලාද? නැහැ. නගර සභා පිට්ටනියේ පිපිරූ බෝම්බය නිසයි. 2005 මහින්ද තෝරා ගත්තේ යුද්ධය නිසයි. 2010දී මහින්දත්, ෆොන්සේකාත් දෙදෙනාම අපේක්ෂකයන් වෙන්නේ යුද්ධය නිසයි. ෆොන්සේකා අපේක්ෂකයෙක් වෙන්නේ යුද්ධය අවසන් කළ හමුදාපතිවරයා හැටියට. නමුත් ඡන්දය දිනන්නේ මහින්ද රාජපක්ෂ. ආර්ථිකය ගොඩනඟනවා, වංචා දූෂණ නතර කරනවා, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනවා, ජාතික සමගිය ගොඩනඟනවා කියන සටන් පාඨ ඔහුට නැහැ.

2015 ඉඳලා නැවත ගැටුමක් පටන් ගත්තා. ඒ අවස්ථාවේ වින්දිතයන් බවට පත්කර ගත්තේ මුස්ලිම් ජනතාව. 2010 වන තුරු දෙමළ ජනතාව. ඉන්පසුව ක්‍රමානුකූලව මුස්ලිම් විරෝධයක් ගොඩනඟන්න පටන් ගත්තා. දිගනට, අලුත්ගමට පහරදීම් සිදුකරන්නේ යුද්ධයෙන් පස්සේ.

මුස්ලිම් ජනතාව වේදනාවට පත්කළ ආදාහනය කිරීමේ තීන්දු ගැනීමේදී නාලක ගොඩහේවලා අත ඉස්සුවා. පොහොට්ටුවේ දෙවැනියාව සිටි ප්‍රසන්න රණතුංග, රනිල් එක්ක ඉන්නවා. පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් සජිත් එක්ක ඉන්න අතර සජිත්ගේ සභාපති ෆොන්සේකා ඉන්නේ කොහේද? ස.ජ.බ. සභාපති එළියේ; පොහොට්ටුවේ සභාපති ඇතුලේ. මේ දේශපාලනය නතර කරන්න ඕනෑ නැද්ද? තමන්ට ලැබෙන වරදානවලට, සල්ලිවලට, ඇමති ධුරවලට, එහෙට මෙහෙට පනින දේශපාලනයක් අද අපේ රටේ තිබෙන්නේ. මේ දේශපාලනය අවසන් කළ යුතුයි. “

Latest News

More like this

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...

තීරු බදු අඩු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීමට යයි

ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු තවදුරටත්...

නිලන්තට මරණ දණ්ඩනය දීම කතෝලික පල්ලියේ ස්ථාවරය නොවේ

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීමේ චෝදනාව මත වැඩ තහනම් වූ...

වැව්‍ රක්ෂිතවල ඉදි කර ඇති සියලුම හෝටල් ඉවත් කරනවා. ඩඩ්ලිටත් වැඩ වරදීවි… ඇමති ලාල්කාන්ත කියයි

අනුරාධපුරයේ වැව් රක්ෂිත මායිම් සලකුණු කිරීමේදී තරාතිරම නොබලා එම...
error: Content is protected !!