බංගලාදේශය රනිල් වික්‍රමසිංහ වගේ නායකයෙක් හොයනවා.. පවිත්‍රලා ගීතලා රනිල් වටකර ගෙන කිව්ව කතා

අද බංගලාදේශය රනිල් වික්‍රමසිංහ වැනි නායකයකු සොයන බව වනජීවී හා වන සම්පත් ආරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

මේ මොහොතේ රූපවාහිනිය ඉදිරියට ගිහින් බංගලාදේශයේ තත්ත්වය බැලුව නම් ඇයි අපි එකට එකතු වුණේ කියන කාරණය පැහැදිලියි.

රටේ ජනතාව අපිට මේ තීන්දුව ගන්න කියලා බල කරමින් සිටිනවා.

ඇය මේ බව පැවසුවේ ‘කාන්තා අපේ බලය’ මැයෙන් කොළඹ දී පැවත්වුණු එක්සත් ජාතික පක්ෂයේ ජාතික කාන්තා සමුළුව අමතමිනි.

එහි දී අදහස් දැක්වූ කාන්‍තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ සඳහන් කළා.

” මේක භාර ගන්න හිටියේ නෑ කවුරුවත්. මාලිමා යන්තරේ සූත්‍තර පුංචලා බල බල හිටියා වටපිට. හුස්ම පොදක් ගන්න බැරුව හිටිය අපට හුස්ම පොදක් වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ”

Latest News

error: Content is protected !!