රට හදන්න වැඩිවෙන එක් අපේක්ෂයෙක්ට ‍රු මිලියන 200 ක වියදමක්

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් තවදුරටත් වැඩිවන්නේනම් ඒ වැඩිවන සෑම අයෙකු සඳහාම රුපියල් මිලියන 200ක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි තමා විශ්වාස කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (09) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා,

“එක අපේක්ෂකයෙක් වැඩි වුණ ගමන්, අඩුම ගානේ මම නම් කියන්නේ මිලියන 200ක් විතර අපේ වියදම වැඩි වෙනවා. මේ රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ. මතවාදමය වශයෙන් එන කිහිපදෙනෙක් ඉන්නවා. අපිට කිසි ගැටලුවක් නෑ මතවාදය වෙනුවෙන් ඒ මිනිහා දෙන්නෙක් එක්ක හරි පෙනී ඉන්නවා. හුඟාක් දෙන්නේ මීඩියාවල කාලය අරගන්න. ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් වෙන පක්ෂයකින් ඉල්ලන්න හරි නැත්නම් සංස්ථා සභාපති කෙනෙක් හරි, ගල්වළක් හරි වැලි පර්මිට් එකක් හරි මොනවා හරි තමා පිටිපස්සේ තියෙන්නේ. බැලට් පේපර් එකක් ප්‍රින්ට් කරන්න පුළුවන් වෙන්නේ අඟල් 27.5යි. ඒක පැන්නොත් අපිට සිදුවෙනවා පේළි දෙකකට යන්න. අපි ඡන්ද පෙට්ටියකට දාන ඡන්ද පත්‍රිකා ගාන අඩුවෙනවා. අඩු වුණාම පෙට්ටි වැඩි වෙනවා. එතකොට මුල ඉඳලම වියදම වැඩිවෙනවා. වෑන් එකක් ගත්තහම කැබ් එකට ගෙනවන ගාන ගෙවන්න බෑ. වෑන් ඔක්කෝම ප්‍රයිවට් ගන්න වෙනවා. වැල වගේ වියදම එකට එකට වැඩි වෙනවා. වියදම වැඩි වුණාට කමක් නෑ සැබෑ මතවාදයක්, නියෝජනයක් වෙනුවෙන් නම්. පසුගිය මැතිවරණ ගණනාවේ ම ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නා හැරුණු විට සියලුම අපේක්ෂකයෝ අරන් තිබුණේ 5%ට වඩා අඩුවෙන්. එක තනතුරක් වෙනුවෙන් නේ මේක තියෙන්නේ. රටට ආදරේ කරන අපේක්ෂකයෝ නම් ඒ ගැන හිතන්න ඕනේ.”

මෙවර ජනාධිපතිවරණය සඳහා නව සම සමාජ පක්ෂයේ අපේක්ෂත්වය වෙනුවෙන් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා සහ අපේ ජනබල පක්ෂය වෙනුවෙන් කීර්ති වික්‍රමරත්න මහතා ද ඊයේ අද ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.

ඒ අනුව මේ දක්වා ඇප මුදල් තැන්පත්කර ඇති අපේක්ෂකයින් ගණන 27කි.

Latest News

More like this

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...

සබීතාගේ බිල්ඩිම යළි කරලියට ! – රනිල් යලි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරාට අයත් රාජගිරියේ පිහිටි...
error: Content is protected !!