ෆේස්බුක් දැන්වීම් සඳහා වැඩිම වියදම රනිල්ගෙන්

ප්‍රචාරණය සඳහා ෆේස්බුක් එකෙන් වැඩිම වියදමක් කළ ජනාධිපති අපේක්ෂකයා බවට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්ව ඇති බව දේශීය සමීක්ෂණ වාර්තාවක් පවසනවා.

පසුගිය මාසයක කාලයේ දී ෆේස්බුක් එක හරහා වැඩිම වියදමක් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ බව එම වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා.

එම වාර්තාවට අනුව ජූනි 30 සිට ජුලි 29 දක්වා කාලසීමාවේදී ෆේස්බුක් දැන්වීම් සඳහා රු මිලියන 5.1 ක් හෝ ඩොලර් 17,000 ක් වියදම් කර ඇති බව වාර්තාවේ දැක්වෙනවා.

ඒ අතර ජනාධිපතිවරයාගේ ෆේස්බුක් අතර වැඩිම ජනප්‍රියතාවක් දිනා ගෙන ඇත්තේ ‘රනිල් සමඟ එක්වන්න’ නම් ෆේස්බුක් පිටුවයි.

විජයදාස රාජපක්ෂ මහතා ඩොලර් 2323 ක් ෆේස්බුක් දැන්වීම් සඳහා වියදම් කර තිබෙන බවටයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...