පාඨලී හා රිෂාඩ්ගේ සහයෝගයත් සජිත්ට

පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජනරජ පෙරමුණ හා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුර්දීන් මෙවර ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දීමට මේ සතියේ එක් වීමට නියමිතයි.

2020 මැතිවරණයේ දී පාඨලී චම්පික පාර්ලිමේන්තුවට පැමිණියේ ද සමගි ජන බලවේගයෙන් තරග කරමිනි.

රිෂාඩ් බදියුර්දීන් ද 2019 ජනාධිපතිවරණයේ දී සහයෝගය පළ කළේ ද සජිත් ප්‍රේමදාස මහතාටයි.

පසු ගිය සතියේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී සමගි ජන බලවේගය තවත් පක්ෂ ගණනාවක් එක් කරගෙන සමගි ජන සන්ධානය නමින් පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමට කටයුතු කළ අතර එම කණ්ඩායම්වලින් බොහොම ප්‍රමාණයක් ද මීට පෙර ඔහුට සහයෝගය දක්වා තිබූ කණ්ඩායම් වීම විශේෂත්වයකි.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...