නාමයෝජනා දිනයට ඩ්‍රෝන, ස්නයිපර්ස් ඇතුළු 4,500ක පොලිස් බලකායක්

ජනාධිපතිවරණ නාමයෝජනා භාර දෙනු ලබන බ්‍රහස්පතින්දා දිනයේ මැතිවරණ කොමිෂන් සභාව සහ ඒ අවට ආරක්ෂක මෙහෙයුම් සඳහා ඩ්‍රෝන කැමරා, ස්නයිපර් සහ පොලිස් නිලධාරීන් 4,500 කට වැඩි පිරිසක් යොදවා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

සිකුරාදා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මෙම සවිස්තරාත්මක ආරක්ෂක සැලසුම් සාකච්ඡා කෙරුණා.

මෙම රැස්වීම පැවැත්වුණේ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලලිත් පතිනායක සහ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරු සහභාගිත්වයෙන්.

ආරක්ෂක සැලසුම් පිළිබඳ මාධ්‍ය වෙත අනාවරණය කරමින් අපේක්ෂකයින්, ඔවුන් සමඟ එන අය සහ පක්ෂ ආධාරකරුවන් කෙරෙහි ආරක්ෂක සැලසුම්වල ප්‍රධාන අවධානය යොමු කර ඇතැයි සඳහන් කළා.

මැතිවරණ කාර්යාලය සහ අවට ප්‍රදේශයේ ආරක්ෂාව භාරව කටයුතු කරනුයේ විශේෂ කාර්ය බලකයායි.

පෙරවරු 9 සිට 11 දක්වා නාමයෝජනා භාර ගැනීමට නියමිත අතර 11.30 දක්වා විරෝධතා කාල සීමාවක් ලබා දීම සිදු කෙරේ.

අපේක්ෂකයා සමඟ නාමයෝජනා ශාලාවට ඇතුළු විය හැක්කේ නීතිඥවරයකු ඇතුළු දෙදෙනෙකුට පමණි.

මේ වන විට අපේක්ෂකයින් 27 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති නමුත් බදාදා දක්වා ඇප මුදල් භාර ගැනීම හේතුවෙන් අපේක්ෂකයින් තව දුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි සභාපති රත්නායක මහතා සඳහන් කළේ.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!