සොරකම් කරන ලද ගුවන් යානය හිල්ටන් හෝටලයේ වහලය මතට කඩා වැටේ

ඕස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ත නගරයේ කෙයාර්න්ස්හි අද (12) උදෑසන ගුවන් යානයක් හෝටලයක වහලක් මතට කඩා වැටී ඇති අතර එය සොරකම් කරන ලද ගුවන් යානයක් බව මාධ්‍ය වාර්තා පවසනවා.

අනතුරෙන් නියමුවා මිය ගොස් තිබෙනවා.

Nautilus Aviation සමාගමට අයත් මෙම හෙලිකොප්ටරය කෙයාර්න්ස් ගුවන් තොටුපලෙන් සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Aaron Finn පැවසුවේ මෙම හෙලිකොප්ටරය අලුයම ගුවන් තොටුපළෙන් රැගෙන ගිය බවයි.

එරට වේලාවෙන් අලුයම 1:50 ට පමණ Double Tree Hilton හෝටලයට හෙලිකොප්ටරය කඩා වැටීමෙන් ගින්නක් හටගෙන එහි රැඳී සිටි අමුත්තන් සිය ගණනක් ඉවත් කරනු ලැබූ බව මාධ්‍ය වාර්තා පවසනවා.

Latest News

error: Content is protected !!