අනුර නාමයෝජනා අත්සන් තබයි

එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අද (12) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබෙනවා.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන සහෝදරවරු ඇතුළුව ජාතික විධායක සභික සහෝදර සහෝදරවරු කිහිප දෙනෙක් සහභාගි වී සිටියා.

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර දීම මේ සතියේ බ්‍රහස්පතින්දා (15) දිනයේ සිදු කිරීමට නියමිතයි.

Latest News

error: Content is protected !!