අලි සබ්රිට තවත් ඇමතිධුරයක්

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මීට සුළු මොහොතකට පෙර අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

පසුගිය අගෝස්තු 07 වැනිදා අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ඒ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමත් සමඟයි.

Latest News

error: Content is protected !!