සිසුන් 22 ක් පාසල් සිසුවියක සමූහ දූෂණය කරයි

තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියක් සිය පාසලේ සිසුන් 22 දෙනෙකු අතින් දූෂණය වීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මේ පිළිබඳ සැකකරුවන් කිහිප දෙනෙකුගෙන් හා දෙමාපියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසනවා.

තමන් ඉගෙනුම ලබන පාසලේම පාසල් සිසුවෙකු සමඟ තමන් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන සිටි බවත් පෙම්වතාගේ නිවසේ දී පෙම්වතා සහ තවත් සිසුන් කිහිප දෙනෙකු අතින් ඇය දූෂණයට ලක් වී ඇති බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

එම සිද්ධියේ වීඩියෝ පටයක් පෙන්වමින් පසුව වරින් වර අවස්ථා ගණනකාව දී ඇය මෙම ඉරණමට මුහුණ දී ඇති බව පොලිසිය සඳහන් කළා.

මේ සඳහා පෙම්වතා බව පවසන සිසුවාද ඇතුළුව සිසුන් 21 දෙනෙකු සම්බන්ධ වී ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...