තාවකාලික පුහුණුකරු විදියට වැඩකරන අවසන් තරගාවලියයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු වශයෙන් තමන් කටයුතු කරන්නේ එළැඹෙන එංගලන්ත තරග සංචාරය අවසන් වන තෙක් පමණක් බව සනත් ජයසූරිය සඳහන් කර තිබෙනවා.

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ඊයේ (11 වැනිදා) මෙරටින් පිටත් වූ අතර පිටත්ව යෑමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

‘‘එංගලන්ත තරගාවලිය තමයි මගේ අන්තිම තරගාවලිය තාවකාලික පුහුණුකරු විදියට කටයුතු කරන. ඒ තරගාවලියේදීත් පුළුවන් තරම් හොඳට කරන එකයි බලාපොරොත්තුව. මේ තරගාවලිය ඇත්තටම හුඟක් වටින තරගාවලියක්, එංගලන්තෙදී ටෙස්ට් තරග තුනක් ලේසියෙන් ලැබෙන්නේ නෑ. මේ බව ක්‍රීඩකයොත් දන්නවා, එයාලත් මහන්සි වෙනවා මේ ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මේ තරගාවලියේදී අපේ හැමෝටම ලකුණු අතරට එන්න කඩුලු අතරට එන්න බැරි වෙයි, එන කට්ටිය තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් උපරිමය කරොත් සහ පන්දු රැකීම හරියට තිබිලා හොඳින් ක්‍රීඩා කළොත් මේ තරගාවලියේදී ලොකු පෙරළියක් කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.’’ යනුවෙන් සනත් ජයසූරිය මෙහිදී පවසා සිටියා.

එංගලන්ත තරග සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා දරන අතර ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩකයන් 17ක් ඇතුළත් වී සිටිනවා.

තරගාවලිය ලබන 21 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...