ටොම් කෲස්ගේ දර්ශනීය පිම්මකින් පැරිස් ඔලිම්පික් සමාප්ත වේ

33 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල නිමාවට පත් කරමින් පැරිස් 2024 සමාප්ති උත්සවයට ජනප්‍රිය සුපිරි හොලිවුඩ් තරු රැසක් එක් වුණා.

ප්‍රංශයේ ස්ටේඩ් ඩි වහලයේ සිට පහළට පැමිණි සුපිරි නළු ටොම් කෲස් මෙහිදී ඔලිම්පික් ධජය 2028 දී මීළඟ ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිත ඇමරිකානු නගරයවන ලොස් ඇන්ජලීස් වෙත සංකේතාත්මකව පවරා දීම සිදු වුණේ විචිත්‍රවත් ලෙසයි.

කෲස්ගේ විස්මිත ඇතුල්වීමේදී H.E.R විශිෂ්ඨ ගිටාර් වාදනයක් ද සිදු කළා.

පසුව ඔහු ඔලිම්පික් ධජය ඇමරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකා සිමෝන් බයිල්ස් සහ ලොස් ඇන්ජලීස් නගරාධිපති කැරන් බාස් වෙතින් ලබා ගෙන ඔහුගේම අනන්‍ය විලාසිතාවකින් මෝටර් බයිසිකලය ක්‍රීඩාංගනයෙන් පිටතට ධාවානය කරනු ලැබුවා.

පටිගත කරන ලැබූ වීඩියෝවකින් ඔහු ඔලිම්පික් ධජය රැගෙන පැරිසියේ වීදි හරහා ගමන් කර ලොස් ඇනජලීස් බලා යන ගුවන් යානයකට ඇතුළු වන අයුරු දැකගත හැකි වුණා.

පසුව ඔහු ගුවන් යානයෙන් ඉවතට පැන ධජය පදක්කම්ලාභී කෙටි දුර ධාවන ශූර මයිකල් ජොන්සන් වෙත භාර දෙන ආකාරය දර්ශනීය වීඩියෝ පටය ඔස්සේ පෙන්නුම් කළා.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...