ඉදිරි කාල සීමාව තුළ මහනුවර ඉලක්ක කරගෙන සිදුකරනු ලබන සංවර්ධනය හා වෙනස්කම් කිහිපයක් ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.
ඒ මහනුවර ප්‍රදේශයේ පැවති ව්‍යාපාරික සමුළුවක් අමතමිනි.
“නුවර නගරයේ දැන් අපි දියුණුව ඇති කරන්න ඉන්නෙ ජපානය එක්ක කථා කරගෙන එන අවුරුද්දෙ ඉඳන්. අපි එක මණ්ඩලයක් දානව නුවරට තව එකක් දානවා කොළඹට තවත් එකක් දානව ගාල්ලට. නුවර විතරක් නෙමෛ් අපි නුවර කේන්ද්‍රස්තානය කරගෙන මධ්‍යම පළාතම දියුණු කරනවා.
එකක් තමයි සංචාරක වයාපාරය ඒක වැඩිකරන්න ඕන. නුවර එක රැයක් ඉඳලා වැඩක් නැහැ. ටූ නයිට්ස් හරි ත්‍රී නයිට්ස් හරි තියාගන්න ඕන. ඒකට අපි වැඩසටහන් ගෙනියනවා.
පළවෙනි එක හැටියට දැන් බෝගම්බර හිල්ටන් හෝටලය එන්න තියනවා. තැපැල් කාර්යාලයට ටජ් හෝටලය එන්න ඉන්නවා .මං බැලුවෙ එතැන තව ඉඩ තියනව නං බ්‍රෑන්ඩ් හෝටලයකුත් දාන්න. ඊළඟට මහනුවර දකුණ සීටීබී ඩිපෝව අයින් කරලා එතැනත් හෝටලයක් දාන්න. තව ඉඩ තියන තැන්වල බ්‍රෑන්ඩ් ඒවා දාන්න. කුන්ඩසාලෙ දාන්න ඉහළට යන හෝටල් ටික. කවුරුත් නොදැන සංචාරකයගෙන් සල්ලි ගන්න පික්පොකට් වැඩේ කරගන්න ඕන”