ඔලිම්පික් ශූරයාට පාකිස්තාන අගැමති ලබාදුන් ත්‍යාග මුදල කියන්නත් ලැජ්ජයි

පාකිස්තාන ඉතිහාසයේ තනි ක්‍රීඩාවකින් රන් පදක්කම ලබා ගත් පළමු ඔලිම්පික් ක්‍රීඩකයා බවට පත් වෙමින් 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ හෙල්ලය විසි කීරීමේ අංශයෙන් රන් පදක්කමක් දිනූ අර්ෂාඩ් නඩීම් වෙත එරට අගමැති ෂෙහ්බාස් ෂරීෆ් ලබා දුන් ත්‍යාග මුදලට හතර අතින් ප්‍රහාර එල්ල වෙමින් පවතී.

ඔලිම්පික් ජයග්‍රහණයෙන් පසු නැවත මව් රට බලා පැමිණි නඩීම්ට අගමැති ෂරීෆ් හමුවීමට අවස්ථාව ලැබුණු අතර ඔහුට එහි දී පාකිස්තානු රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට අගමැතිවරයා කටයුතු කර තිබුණා.

එරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩනිෂ් කනේරියා සමාජ මාධ්‍ය ඔස්සේ එය දැඩිව විවේචනය කරමින් අගමැතිවරයා ඔහුගේ සමාජ මාධ්‍යවල එම ත්‍යාග මුදල ලබා දෙන අවස්ථාවේ ඡායාරූපය මකා දමන ලෙස ඉල්ලා තිබෙනවා.

එය නඩීම්ට කරන අපහාසයක් බවත් එම මුදලින් ගුවන් ටිකට්පතක්වත් මිලදී ගැනීමේ හැකියාවක් නොමැති බව ඔහු ‘X’ ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කළා.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...