‘හිරු’ පත්‍තර වැඩසටහනට එරෙහිව මනූෂගෙන් පැමිණිල්ලක්

හිරු රූපවාහිනී නාළිකාව විසින් විකාශය කළ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහන සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පසුගියදා විකාශය කළ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනේ දී තමාට සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හට චේතනාන්විතව බරපතල ලෙස අපහාසයක් සිදුකර ඇති බව පවසමිනි.

එමගින් මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව මනුෂ නානායක්කාර මහතා මෙම පැමිණිල්ල ගොනු කරමින් පවසා තිබෙනවා.

මනුෂ නානායක්කාර මහතා සඳහන් කර ඇත්තේ එම වැඩසටහන ඉදිරිපත් කිරීමේ පූරක ලෙස කටයුතු කළ මධුෂාන් ද සිල්වා යන අය ශ්‍රී ලංකා ජනරජයේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (5) (අ) අනුව්‍යවස්ථාව යටතේ වන මාධ්‍ය උපමාන ව්‍යවස්ථාවට අනුව 2024/07/10 දිනැති සහ අංක 2392/27 දරණ ගැසට් නිවේදනය මගින් පරිච්ඡින්න කරන ලද උපලේඛණ අංක 2 යටතේ වන විද්‍යුත් මාධ්‍ය ආයතන, අන්තර් ජාල වෙබ්අඩවි සහ සමාජ මාධ්‍ය වෙබ්අඩවි පරිශීලකයන් සඳහා වන උපමාන ලේඛණයේ අංක 2.1, 2.2, සහ 2.3 යන වගන්ති බරපතල ලෙස උල්ලංඝණය කර ඇති බවයි.

ඒ අනුව හිරු නාළිකාව සහ පත්තරේ විස්තරේ වැඩසටහනේ පූරක මධුෂාන් ද සිල්වා මැතිවරණ කොමිෂම විසින් නිකුත් කර ඇති මාධ්‍ය උපමානයන් උල්ලංඝණය කරමින් තමාට සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හට බරපතල අපහාසයක් සිදුකර ඇති බව මනුෂ නානායක්කාර මහතා පවසනවා.

එබැවින් මැතිවරණ නීතී වලට අනුව මේ පිළිබඳව කඩිනම් පියවර ගන්න ලෙස ඔහු ඉල්ලා තිබෙනවා.

එම වැඩසටහන මගින් හිරු නාළිකාව සහ එහි පූරක මධුෂාන් ද සිල්වා යන අය මුලික මාධ්‍ය ආචාරධර්ම පවා බරපතල ලෙස උල්ලංඝණය කර අති බවයි මනුෂ නානායක්කාර මහතා සඳහන් කරනවා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!