ජුලි මාසයේත් ලෝකයේ හොඳම ක්‍රීඩිකාව ‘චමරී’

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු 2024 ජුලි මාසයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නම් කර තිබෙනවා.

ඒ ඉන්දියාවේ Smriti Mandhana සහ Shafali Verma ද අභිබවා යමින්.

ඇ‍ය පසු ගිය මැයි මාසයේ ද ලෝකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලැබුවා.

“මාසයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස තෙවැනි වරටත් තේරී පත්වීම සතුටක් හා ගෞරවයක්. මගේ කණ්ඩායමේ සගයන්ගේ සහ පුහුණුකරුවන්ගේ සහයෝගය ඇතිව මගේ උත්සාහය ක්‍රිකට් ලෝකය විසින් අඛණ්ඩව පිළිගැනීමට ලක්වීම ගොඩක් සතුටුයි.” සිය ජයග්‍රහණය ගැන අදහස් දක්වමින් චමරී පවසා තිබෙනවා.

Latest News

error: Content is protected !!