පලස්තීන තානාපති අනුරව හමුවේ

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් සයිඩ් (zuhair Zaid) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (12) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා.

සිය සේවා කාලය අවසන් වී සිය රට බලා යන බව ප්‍රකාශ කළ තානාපතිවරයා මෙහි දී පලස්තීනයේ ගාසාහි සිදුවමෙින් පවතින අමානුෂික ඝාතනවලට එරෙහිව හඬ නැගීම වෙනුවෙන් සහ පලස්තීන සහයෝගීතාව වෙනුවෙන් ලබා දුන් සහයෝගයට අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂයේ සියලු දෙනා වෙත කෘතඥතාව පළ කරනු ලැබුවා.

මේ අවස්ථාව ස‍ඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක සහෝදරයාද එක්ව සිටියා.

Latest News

error: Content is protected !!