අන්තර්ජාතික සිනමා උළෙලක රතු පලස මත ෂාරුක් ඛාන්ගේ නොහබිනා හැසිරීමක්

ස්විට්සර්ලන්තයේ 77 වැනි ලොකානෝ (Locarno) සම්මාන උළෙලේ දී ජීවිත කාලයටම හිමිවන Pardo alla Carriera නොහොත් Career Leopard සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ඉන්දියානුවා බවට පත් වීමට ෂාරුක්ට හැකි වුණා.

ඒ ඔහුගේ කීර්තිමත් දිවියේ තවත් සන්ධිස්ථානයක් සලකුණු කරමිනි.

එහෙත් මේ වන විට ලබා ගත් සම්මානයටත් වඩා සම්මාන උළෙලේ රතු පලස මත වීඩියෝවකට ‘X’ වේදිකාවේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.

එය ඔහුගේ තනි පින්තූරයක් ගැනීමට ගිය මොහොතේ වීඩියෝවකි.

ඔහුගේ රාමුවට හසුවූ මහලු පුද්ගලයෙක් අත් දෙකෙන්ම තල්ලු කරන ආකාරය එහි දැක්වෙනවා.

‘X’ වේදිකාවේ පරිශීලයකන් මෙම වීඩියෝව පිළිබඳ දෙකට බෙදී අදහස් දක්වන අතර ඇතමෙක් මෙය ඉතා ලැජ්ජාසහගත පහත් ක්‍රියාවක් බවයි පෙන්වා දෙන්නේ.

වීඩියෝව X හි බෙදාගනිමින් පරිශීලකයෙකු පැවසුවේ, “ඔහු ඒ වයසක මිනිසා තල්ලු කළා!!! ලැජ්ජයි, ෂාරුක් ඛාන්.” යනුවෙනි.

තවත් අයෙක් “ඔහු (ෂාරුක්) හොඳ මුහුණ පෙන්නුවාට හොඳ පුද්ගලයකු නොවන බව දැන සිටි බව සඳහන් කර තිබෙනවා.

“ඇත්තටම ඒක සෙල්ලක්කාර හැසිරීමක් නෙවෙයි, ෂාරුක්ගේ අහංකාරකම! වයසක මනුස්සයා ෂාරුක් එක්කත් එහෙම කළා නම් මොකද වෙන්නේ?” යැයි තවත් අයෙක් පවසා තිබුණා.

“සෑම විටම නපුරු පුද්ගලයෙක්. ඔහු හැසිරෙන්නේ සියල්ලටම වඩා ඔහු අමරණීය කෙනෙකු ලෙසයි”

කෙසේ වෙතත් ඔහු ආරක්ෂා කිරීමට ඉදිරියට ආ රසිකයින් නම් පෙන්වා දුන්නේ මෙම වීඩියෝවේ සිටින්නේ ඔහුගේ මිතුරෙක්, විනෝදෙට කරපු වැඩක් බවයි.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...