‘තවම විවාහකයි’ අභිෂේක් මුද්දත් පෙන්නා උත්තර දෙයි

අයිශ්වර්යා රායි හා අභිෂේක් බච්චන් වෙන් වී ඇතැයි පළවන කට කතා මධ්‍යයේ අභිෂේක් පළමුවරට එංගලන්තයේ දී ඉන්දීය මාධ්‍ය කිහිපයක් අමතමින් ඒ පිළිබඳ ප්‍රකාශයක් කර ඇතැයි වාර්තා වෙනවා.

ඔහු එහිදී තම මංගල මුදුව පෙන්වමින් ‘තවමත් විවාහකයි’ යැයි පැවසුවා.

“ඒ ගැන (කටකතා) මට ඔබට කියන්නට දෙයක් නැහැ.ඔයාලා සමස්ත කතාව ගොතා පතුරුවා හැර අවසන්, කණගාටුදායකයි. මට තේරෙනවා ඒක කරන්නේ ඇයි කියලා. කතා ටිකක් ගොතන්න වෙනවා. කමක් නැහැ, අපි ජනප්‍රිය පුද්ගලයන්, අපි එය දරා ගත යුතුයි ”අභිෂේක් එසේ පවසා ඇතැයි මාධ්‍ය වාර්තාවල දක්වනවා.

අභිෂේක් සහ අයිශ්වර්යා විවාහ වී දැනට වසර 17ක්.

ඔවුන්ට ආරාධ්‍යා බච්චන් නමින් දියණියක් ද සිටියි.

එහෙත් මෑතක සිට පළවන වාර්තා, ඔවුන් වෙන් වීමට ඉතා ආසන්න මට්ටමක සිටින බව පවසන අතර ඒ පිළිබඳ මාධ්‍යවල අවධානය දැඩි ලෙස යොමු වී තිබෙනවා.

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...