දිල්ලි සිර කඳවුරේ සිටින ජාවරම්කාර පෙම්වතාගෙන් ජැකලින්ට නෞකාවක්.. රසිකයන්ට iPohne 100 ක්.. හිතාගන්න බැරි තෑගි ලිස්ට් එක

දැනට දිල්ලි සිරකඳවුරේ සිරගත වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව පවසන සුකේෂ් චන්ද්‍රශේකර් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගේ උපන්දිනය වෙනුවෙන් ඇයගේ නමින් සුඛෝපභෝගී යාත්‍රාවක් (Yacht) තෑගි කර ඇති බව වාර්තා වෙනවා.

පසුගිය ඉරිදා දිනයේ ඇගේ නමට ලිපියක් යොමු කරමින් එය 2021 වසරේ දී ඇය විසින් තෝරාගත් යාත්‍රාවම බව ඔහු පවසා තිබෙනවා.

එම යාත්‍රාව නම් කර ඇත්තේ ද ‘ලේඩි ජැකලින්’ නමින්.

සියලු නීත්‍යානුකූල ලියකියවිලි සමග මෙම යාත්‍රාව මේ මාසයේ භාරදෙන බවට සුකේෂ් ඇයට සහතික වී තිබෙනවා.

ජැකලින් ෆර්නැන්ඩස් වෙත ලියනු ලැබූ ලිපියෙහි ඔහු ඇය අමතන්නේ My Baby Girl ලෙසයි.

ජැකලින්ට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමින් ඇයට සාර්ථකත්වය හා ආශිර්වාදය ප්‍රාර්ථනා කළ ඔහු වෙන්ව සිටියද ඔවුන්ගේ සිතුවිලි සහ ආත්මයන් සම්බන්ධව පවතින බව ද එම ලිපියෙහි සඳහන් කරනවා.

ඇයගේ උපන්දිනය වෙනුවෙන් කේරළයේ වයනාද් හි නායයෑමෙන් විපතට පත් වූවන්ගේ සුබසාධනය සඳහා රුපියල් කෝටි 15 ක පරිත්‍යාගයක් පිරිනැමීමට ඔහු පොරොන්දු වූ අතර ඛේදවාචකයෙන් විපතට පත් වූවන් සඳහා නිවාස 300 ක් ලබා දීමට ද පොරොන්දු වී තිබෙනවා.

මෙම පොරොන්දු ඉටු කිරීම සඳහා කේරළ රජය සමඟ වැඩ කිරීමට සම්පූර්ණ කණ්ඩායමක් යොදවන බවයි ඔහු පවසන්නේ.

2025 අගෝස්තු 11 වෙනිදා දෙදෙනාම එක්ව රෝමියෝ ජුලියට් වගේ උපන්දිනය සමරමු යැයි ද ඔහු එහි කියා තිබෙනවා.

ඔහුගේ ආදරය වෑහෙන ලියුම අවසන් කර ඇත්තේ YouTube වෙතින් තෝරාගත් ජයග්‍රාහකයන් හා ඇයගේ රසිකයින්ගේ සහයෝගයට ස්තූතියක් ලෙස ‘iPhone 15 Pro’ තෑගි 100ක් තෑගි කරන බව ප්‍රකාශ කරමිනි.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!