දිලිත් ඇප බඳී

මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා අද (13) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඔහු 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ‘සර්වජන බලය’ සන්ධානයෙනි.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු සන්ධානයේ සාමාජිකයින් පිරිසක් එක්ව සිටියා.

අගෝස්තු 04 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති ‘සර්වජන බලය’ සම්මේලනයේ දී විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීරගේ නම ප්‍රකාශයට පත් කළා.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...