තණමල්විල දැරියට වද හිංසා කළ අධිකරණ වෛද්‍යවරයා පිළිබඳ වහාම පියවරක් ගන්න.. ගීතා කුමාරසිංහ

තණමල්විල පාසල් සිසුවිය සමූහ දූෂණ සිද්ධිය සමස්ත පාසල් පද්ධතියටම කැළලක් බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව , එහිදී දැරිය පරීක්ෂා කරන ලද වෛද්‍යවරයාගේ නොමනා හැසිරීම දැරිය විසින් දිවි අහිමි කර ගැනීමට පවා ඉඩ තිබුණ බවත් ඇයගේ මව විසින් මාධ්‍යයට ප්‍රකාශයක් කිරිම සම්බන්ධවද වෛද්‍යවරයා ගැන ද විනය පරීක්ෂණයක් පවත්වන මෙන් අදාළ අමාත්‍යාංශ වලින් තමන් ඉල්ලා සිටින බව ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.

පාසල් විදුහල්පති සහ විද්‍යාලයේ විනය කමිටුව මෙය දැන ගැනීමෙන් පසු මේ පිළිබඳ විමර්ශනය කොට එම සිදුවීම සැඟවීමට ගත් උත්සාහය තමන් විසින් පිළිකුලෙන් යුතුව හෙලා දකින බවද මෙහි සියලු තොරතුරු අනාවරණය කර ගනිමින් දැරිය බේරාගැනීමට කටයුතු කළ තණමල්විල පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු අනෙකුත් නිලධාරීන්ටද ස්තුතියි හා ගෞරවය පළ කරන බවද ඇය සඳහන් කළා.

ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පුළුල් පරීක්ෂණයක් කිරීමට ද තමා උපදෙස් දුන් බවයි ඇය සඳහන් කළේ.

ස්මාර්ට් දුරකතනය පාසල් දරුවන් අතට දීම කොඩිවිනයක් යැයිද තණමල්විල පාසල් සිසුවිය දූෂණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය කියා සිටියා.

මෙයට සම්බන්ධ වූ අගතියට පත් දැරිය මෙන්ම 17 දෙනෙකුගෙන් සමන්විත චූදිතයන්ද පාසල් සිසුන් පිරිසක් වීම බොහෝ කනගාටුදායක තත්ත්වයක් බවත් වර්තමානයේ පාසල් ළමුන් ස්මාර්ට් දුරකතනය භාවිතයට පුරුදු වීමෙන් ළමා ශික්ෂණයට මෙන්ම විනය ගරුකභාවයට මරු පහරක් එල්ලව ඇති බවත් එය කොඩිවිනයක් බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම මෙම දැරියගේ මානසික භීතිය, ලැජ්ජාව හා අසරණකම නිසා ඇය කායිකව මෙන්ම මානසික තත්ත්වය දැඩිව දුර්වල වූ බවත් ඇයගේ නිවසේ බිත්තියේ අලවා ඇති විවිධ වැකි සහ දර්ශන සහිත රූප දැකීමෙන් පෙනී යන බවද ඇය වැඩිදුරටත් කියා සිටියා.

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...