ජනාධිපතිවරණ වියදම බිලියන 10 ඉක්මවා ගියොත්?

මේ වන විට අපේක්ෂකයින් සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් තිබුණද 2024 ජනාධිපතිවරණය සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන10 ක මුදල තුළ ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළා.

වෙන් කළ අරමුදල් ඉක්මවා යනු ඇත්දැයි අනාවැකි කීම කල් වැඩි නමුත් අරමුදල් ප්‍රමාණවත් නොවේ නම් අතිරේක අරමුදල් ඉල්ලා සිටීමට සිදු වන බව ඒ මහතා පැවසුවා.

මේ අතර අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපත් කරන ඇස්තමේන්තු අනුව මුදල් වෙන් කිරීමට සූදානම් බව මුදල් අමාත්‍යාංශය සහතික වී තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ ‘ඡන්ද පත්‍රිකාවට අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වුවහොත් දීර්ඝ කිරීමක් අවශ්‍ය විය හැකියි. මෙමගින් ඡන්ද පෙට්ටි සංඛ්‍යාව ඉහළ යා හැකි අතර එක් අපේක්ෂකයෙකුට රුපියල් මිලියන 100ක පමණ අමතර වියදමක් දැරීමට සිදු වෙනු ඇති’ බවයි.

කෙසේ වෙතත් ඉදිරිපත් කරන ඇස්තමේන්තු සඳහා අරමුදල් සැපයීමට රජය සූදානම් වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...