තරුණ ‘නාසි’ පිහිකරුවෙකු සජීවීව ප්‍රචාරය කරමින් (Livestreams) තුර්කියේ මුස්ලිම් පල්ලියකින් පිටත දරුණු ලේ වැගිරීමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඊයේ (12) Eskihehir නගරයේ දී මුහුණු ආවරණයක්, හිස්වැසුම් සහ වෙඩි නොවදින කබායක් පැළඳ සිටි ප්‍රහාරකයෙකු සිදු කළ මෙම පිහි ඇණුමෙන් අවම වශයෙන් පස් දෙනෙකු තුවාල ලැබූ බව වාර්තා වෙනවා.
18 හැවිරිදි සැකකරු දිගු පිහියකින් සන්නද්ධව Tepebasi මුස්ලිම් පල්ලියයෙන් පිටත සිදු කළ මෙම ප්‍රහාරය ‘X’ ඔස්සේ සජීවීව ප්‍රචාරය කිරීම ද සිදු කළා.
මිනිත්තු දෙකකට වඩා වැඩි ග්‍රැෆික් ක්ලිප් එක අතරතුර ප්‍රහාරකයා යැයි සැක කළ පුද්ගලයා වචනයක්වත් සඳහන් නොකරයි.
සැකකරු උද්‍යානයක්, දුම්රිය ස්ථානයක් සහ වීදි දිගේ දුවමින් අහඹු ලෙස මිනිසුන්ට පහර දෙන දර්ශනවල පිහි ඇණුමට ලක්වන පුද්ගලයින් භීතියෙන් කෑ ගසන ආකාරය දක්නට ලැබුණා.
පසුව ඔහු සිය ග්‍රහණයට නතු කර ගැනීමට පොලිසිය සමත් වුණා.
ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක් කියා සිටියේ ඔහු ස්වස්තික කිහිපයකින් සමන්විත නාසි සංකේතයක් වන ‘Black Sun’ සංකේතය ඔහුගේ පපුවේ පැළඳ සිටි බවයි.
මෙම තරුණයා යුධ ක්‍රීඩා වලින් බලපෑමට ලක් වූ පුද්ගලයෙක් බව ද මේ වන විට අනාවරණය වෙමින් පවතී.