‘ලාල්කාන්තට පොලිස් ඇමති ධූරය දෙනව ද කියලා අහන්න’ මාධ්‍ය නාළිකාවක් වටේ යැව්ව මැසේජ් එක අතේ පත්තු වෙයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ලාල් කාන්ත මහතා වෙත පොලිස් අමාත්‍ය ධුරය ලබා දෙනවා ද යන ප්‍රශ්ණය මාධ්‍ය හමුවක දී අසන ලෙස යම් මාධ්‍ය නාළිකාවක් ඔවුන්ගේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ට යොමු කළ වට්ස් ඇප් පණිවිඩයක් මේ වන විට හුවමාරු වෙමින් පවතින බවත් එම පණිවිඩය ඇත්ත එකක් බව තහවුරු වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ අද (13) පැවති මාධ්‍ය හමුවක් අතරතුර ඔහු මේ බව පැවසුවේ “කේ.ඩී. ලාල්කාන්ත පොලිස් ඇමති ධුරය ඉල්ලූ බවට ප්‍රචාරයක් යනවා. එහි සත්‍යතාවයක් තිබෙනවාද?” යන ප්‍රශ්ණය නැඟූ මාධ්‍යවේදියාට පිළිතුරක් ලබා දෙමිනි.

සමාජ මාධ්‍යවල සංසරණය වන වට්ස් ඇප් පණිවිඩය යොමු කර තිබුණේ “හිරු” ලෙස නම සඳහන් කළ වට්ස් ඇප් සමූහයක් තුළයි.

ඊට පිළිතුරු දෙමින් අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මුලින් එම පණිවිඩය ව්‍යාජ එකක් බව තමා හිතූබවයි. නමුත් එය දැන් ඇත්තක් වූ බව ඔහු ප්‍රකාශ කළා.

“යම් නාලිකාවක් අපෙන් ඔය ප්‍රශ්නය අහන්න කියලා එස්.එම්.එස්. පණිවිඩයක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට යවපු එකක් මම දැක්කා. ඒ ප්‍රශ්නය අහපු එක ගැන බොහොම සතුටුයි. මම මුලින් හිතුවේ ඒ එස්.එම්.එස්. පණිවිඩය බොරු එකක් කියලා. ලාල්කාන්ත සහෝදරයාගෙන් පොලිස් අමාත්‍ය ධුරය ලැබෙනවාද කියලා අහන්න යැයි මාධ්‍ය නාලිකාවකින් යැවූ එස්.එම්.එස්. පණිවිඩය ඇත්ත බව දැන් තහවුරුයි. මේ මාධ්‍ය හැසිරෙන්නේ එහෙම. මාධ්‍ය නාලිකාවලට අපේ ව්‍යාපාරය නටවන්න බැහැ. මාධ්‍යවල තිබෙන යටි උවමනාවලට අපි ගොදුරු වෙන්නේ නැහැ. “

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...