‘JVP’ ඇර කවුරු දින්නත් කමක් නෑ.. රනිල්-සජිත් හවුලක

මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතට පත් නොකිරීමට සජිත් ප්‍රේමදාස පාර්ශවය හා රනිල් වික්‍රමසිංහ පාර්ශවය එකඟතාවකට පැමිණ ඇති බව ඔවුන්ට සමීප දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව මෙම දෙපාර්ශවයේම උවමනාව වී තිබෙන්නේ අනුර කෙසේ හෝ පරාජය කිරීමයි.

අනුර පරාජය කර රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස දෙදෙනාගෙන් කවුරු ජයග්‍රහණය කළත් එය ගැටලුවක් නැති බව ඔවුන් සාකච්ඡා කර තිබෙනවා.

ආරංචි මාර්ග පවසන ආකාරයට, ඒ අනුව ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ දෙවැනි මනාපය ඉලක්ක කර ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කිරීමයි.

දැනට පවතින වාතාවරණය අනුව කිසිම අපේක්ෂකයකුට 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයකට ළඟා වීමට නොහැකි බැවින් දෙවැනි මනාපයකට යාමට සිදු වන බවට පවතින නිශ්චයන්‍ට අනුව ඔවුන් මෙම සැලසුම අඳිමින් සිටියි.

දෙවැනි මනාපය සලකා බැලීමේ දී සජිත්ගේ ඡන්ද දායකයින් හෝ රනිල්ගේ ඡන්ද දායකයින් කිසිවිටක අනුරට මනාපය පළ නොකරන බැවින් දෙවැනි මනාප සජිත් හා රනිල් අතර හුවමාරු වන ආකාරයෙන් ප්‍රචාරණය සිදු කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා.

‘JVP’ ඇර කවුරු දින්නත් කමක් නෑ.. යන්න ඒ අනුව ඉදිරියේ දී සූක්ෂමව සමාජ ගත කිරීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙය මේ වන විට සජිත් හා රනිල් වටා එකතු වී සිටින ප්‍රබල දේශපාලනඥයින් තුළ JVP පිළිබඳ පවතින බියක ප්‍රතිඵලයක් බව සඳහන්.

ඉදිරි මාළිමා ආණ්ඩුවක දී බොහෝ දෙනෙකුගේ ෆයිල් එළියට ඇවිත් සිදු කළ වංචා දූෂණවලට එරෙහිව අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක වේ යන බිය නිසා මාළිමාවේ ජනාධිපතිවරයකු නිර්මාණය කිරීම වැළැක්වීමට අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට මේ පිරිස සූදානම් බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් ජාතික ජන බලවේගයේ ඉලක්කය වන්නේ කෝටියක් ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමයි.

ඒ අනුව 50% ඉක්මවා යමින් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීම සඳහා ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරය මේ වන විට දියත් කර තිබෙනවා.

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...