හරීන් සජිත්ව පිළිගන්න ලෑස්‍තියි.. අභියෝගයකුත් දෙයි

සමගි ජන බලවේගයේ හිස්වූ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හැකිනම් හිරුණිකා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ප්‍රේමචන්ද්‍රට ලබාදී පෙන්වන ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කර තිබෙනවා.

බදුල්ලේ පැවති ‘එක්ව ජයගමු’ රැස්විමේදී මෙම අභියෝගය සිදු කළා.

හිටපු මන්ත්‍රීවරියට මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා දිය හැකි වුවත් එක්තරා නාලිකාවක් මෙම මන්ත්‍රීධූරය ලබා දීම සඳහා විපක්ෂ නායකවරයාට ඉඩ ලබා නොදෙන බවයි රැස්ව සිටි පිරිස අමතමින් හිටපු අමාත්‍යවරයා සදහන් කළේ.

මේ රටේ දේශපාලනය පාලනය කරන්නේ පෞද්ගලික නාලිකා බව පැවසු ඔහු හැකි නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය ලබාදී පෙන්වුවහොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කිසිවෙකුටත් යටත් නොවන පුද්ගලයෙක් ලෙස තමන් පිලිගන්නා බව ඔහු ප්‍රකාශ කළා.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...