අපි ආරක්ෂාව ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ

සිය ආරක්ෂාව පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදක්වන බව පවසමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) ප්‍රකාශ කළේ මැතිවරණවලට තරග කිරීමට සහ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇති බවයි.

මැතිවරණ ව්‍යාපාරයේදී කිසියම් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකුගේ ජීවිතය අනතුරේ යැයි ජනමතයක් නිර්මාණය වන්නේ නම් එවැනි දේශපාලන වටපිටාවක් පරාජය කළ යුතු බව ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාව අතරතුර ඔහු සඳහන් කළා.

“අපි අපේ ආරක්‍ෂාව ගැන ඕනෑවට වඩා සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අපිට මැතිවරණවලට තරග කරන්නත් අපේ පණිවිඩය ජනතාවට ගෙනියන්නත් සාධාරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා” ආරක්‍ෂාව පිළිබඳ යම් ගැටලුවක් තිබේදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියා.

“මාධ්‍යවේදියෙක් හැටියට ඔබට මෙවැනි ප්‍රශ්නයක් නගන තරමට ප්‍රශ්නයක් මතුවී තිබෙනවා නම්, එය ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් නොවෙයි. කවර හෝ දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙක්ට මේ මැතිවරණ ව්‍යාපාරය තුළදී ඔහුව ඝාතනයට ලක්වේ යැයි මතයක් නිර්මාණය වෙනවා නම් ඒ දේශපාලනය පරාජය කරන්න ඕන නැද්ද? ඕනෑම කෙනෙකුට තමන්ගේ මතය සාධාරණ ලෙස ප්‍රකාශයට පත්කරන්නත්, මැතිවරණවලට ඉදිරිපත් වෙන්නත් අවස්ථාව තිබෙන්න ඕනෑ.”

ජාතික ජන බලවේගය මෙවර ප්‍රබලම සහ සාර්ථකම මැතිවරණ ව්‍යාපාරය සැලසුම් කර ඇති බව පැවසූ ඔහු, ඔවුන් මේ වන විටත් රටේ කුටුම්භවලින් සියයට 50 කට වඩා ආවරණය කර ඇති බව ද සඳහන් කළා.

ප්‍රචාරණ ව්‍යාපාරය පුරාවටම සෑම නිවසකටම දෙවරක් පැමිණීමට සැලසුම් කර ඇති ජාතික ජන බලවේගය අගෝස්තු 15 වැනිදා සිට ගෙයින් ගෙට කැන්වසින් වැඩසටහනක් දියත් කරන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!