ජනපතිට සහය දක්වන පොහොට්ටු මන්ත්‍රීලාගෙන් නව සන්ධානයක්.. මුලින් 91 දැන් 67 ට බැහැලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් බිඳී ගොස් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දක්වන මන්ත්‍රීවරුන් නව සන්ධානයක් බිහි කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ වෙත සහාය දැක්වීම සඳහාත් එළැඹෙන මහා මැතිවරණය ඇතුළු ඕනෑම මැතිවරණයකට මුහුණ දීමේ අරමුණෙන් නිර්මාණය කරන මෙම නව සන්ධානය ලබන සතියේ එළිදැක්වීමට ද නියමිතයි.

ජනාධිපතිවරයාට සහය දැක්වීමට මුලින්ම ඉදිරිපත් වූ මන්ත්‍රී කණ්ඩායමේ 91 දෙනෙකු සිටිය ද මේ වන විට රනිල්ට ස්ථිරවම සහයෝගය දැක්වීම සඳහා ඉතිරි වී ඇත්තේ මන්ත්‍රීවරු 67ක් බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව එම ඉතිරි මන්ත්‍රීවරුන් හා අනෙකුත් දේශපාලන එක්ව මෙම සතියේ හෝ ඊළඟ සතියේ මෙම සන්ධානය බිහි කිරීමට සූදානම් බවයි ඔහු සඳහන් කළේ.

එහි මහලේකම් ලෙස ඇමති රමේෂ් පතිරණ පත් කිරීමට ද නියමිතයි.

ජනාධිපතිවරයා පසුගිය දා මාධ්‍ය ප්‍රධානීන් අමතා කළ කතාවක දී ඉදිරි මහමැතිවරණයේ දී තමාට සහයෝගය දක්වන පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ජයග්‍රහණය ජනතාව බලා ගත යුතු බවට ප්‍රකාශයක් කර තිබුණා.

මේ අතර ජනාධිපතිවරයාට සහයෝගය දක්වන නිමල් ලංසාගේ නව සන්ධානය හා නිමල් සිරිපාලලාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පොදු ජන එක්සත් පෙරමුණ ලෙස නව සන්ධානයක් පිහිටුවා තිබෙනවා.

එම සන්ධානයේ ලාංඡනය ලෙස තෝරාගෙන ඇත්තේ ‘පුටුව’ ලකුණයි.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...