ප්‍රාථමික අධ්‍යාපනය මව්භාෂාවෙන් හැදෑරීම අනිවාර්යයි.. දිලිත්ගේ ප්‍රතිපත්තියක් මතභේදයට

ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්යයෙන් මව් භාෂාවෙන් ඉගැන්විය යුතු බව මව්බිම ජනතා පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක දිලිත් ජයවීරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසනවා.

ඒ අනුව පහ වසර තෙක් දරුවාගේ මව් භාෂාව වන සිංහල හෝ දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය හැදිරීම අනිවාර්ය කරන බව ඔහු කියා සිටියා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රූපවාහීනී දේශපාලන සංවාද වැඩසටහනක් අතරතුරදීය.

එම සංවාදය අතරතුර මාධ්‍යවේදී සුරංග සේනානායක මහතා සහ ගෙවිදු කුමාරතුංග අතර දැඩි වාග් ප්‍රහාරයක් ද එල්ල වූ ආකාරය දැක ගත හැකිවුණා.

එහි දී ඔහු අධ්‍යාපනය ලැබූ පාසල පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමින් ගෙවිඳු…

“මම මුලින් ගියේ පානදුර කුඩා පාසලකට. වැඩිම කාලයක් ඉගෙනුම ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ.’

පානදුර සිට කොළඹ රාජකීයට විද්‍යාලයට තමා පැමිණියේ 3 හෝ 4 ශ්‍රේණියේ බව සඳහන් කළත් ඔහුට එම වසර නිශ්චිත්වම මතක නැති බවක් ද පෙනෙන්ට තිබුණා.

‘Can you speak english?’
‘ඒක කරන්නෙ නෑ මං”

ඔබතුමා රාජකීය විද්‍යාලයේ දි ඉංග්‍රීසි ඉගෙන ගත්තද?
ඔව්. රාජකීය විද්‍යාලයේ විතරක් නෙවෙයි. ලංකාවේ ඕනෑම පාසලක දෙවැනි භාෂාව විදියට ඉංග්‍රීසි ඉගෙන ගන්න එපැයි.

ඔබතුමා හිතනව ද ජ්‍යාත්‍යන්තර භාෂාවක් හැටියට එහි වටිනකමක් තියෙනව කියලා?
ඔව්. අනාගත ලෝකය බහු භාෂා ලෝකයක්. ජ්‍යාත්‍යන්තර පාසල් ගත්තත් ඔවුන් ස්පාඤ්ඤ හෝ ප්‍රංශ භාෂාව වැනි භාෂාවල් තව දුරටත් ඉගෙන ගන්නවා. කාව්‍යශේකරය ලිව්ව හාමුදුරුවෝ ගත්‍තත් ෂඩ් භාෂා පරමේශ්වර.

කවුද හාමුදුරුවෝ?
එක පාරට මගෙ ඔලුවට ආවෙ නෑ. මං ඒක වැඩසටහන අතරේ කියන්නම්. සැළලිහිණිය ලියපු තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ව හැඳින්වුයේ ෂඩ් භාෂා පරමේශ්වර කියලා. පරණවිතාන මහත්තයා ගත්තත් එහෙමයි. කුමාරතුංග මුණිදාස මහත්තයා ගත්තත් එහෙමයි.

කුමාරතුංග මුණිදාස මහත්තයා ඔබේ කවුද?
ඒක මේ දේශපාලන වැඩසටහනකට අවශ්‍යද? මගේ සීයා.

ඔබේ සීයාටත් ඉංග්‍රිසි භාෂාව පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා නේද?
ඔව්. මං පිළිගන්නවනේ අපට අහිමි වුණු ලෝකයක් තියෙනවා කියලා. ඉස්සෙල්ලම ඉගෙන ගත්තෙ මොන භාෂාවෙන් ද? එතුමා ගමේ පාසලෙන් මව්භාෂාව ඉගෙන ගත්‍තා. පස්සෙ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ දී ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරුවා.

මම කැමතියි හෝඩියේ පන්තියේ ඉඳලා ඉංග්‍රීසියෙන් ඉගෙනගන්න. ඔබතුමා කියන්නෙ මට ඒ අයිතිය දෙන්න එපා කියලද?
ඉංග්‍රීසි අය ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තෙ නැත්නම් ජර්මන් අය ජර්මන් භාෂාවෙන් ඉගෙන ගත්තෙ නැත්නම් ජපන් අය ජපන් භාෂාවෙන් ඉගෙන ගත්තෙ නැත්නම් රුසියන් අය රුසියන් භාෂාවෙන් ඉගෙන ගත්‍තෙ නැත්නම් සිංහල අය සිංහලෙන් ඉගෙන ගත්තෙ නැත්නම් දෙමළ අය දෙමළෙන් ඉගෙන ගත්තෙ නැත්නම් ඔවුන්ගේ නිර්මාණශීලිත්වය අඩපණ වන බවට යුනෙස්කෝ සම්මුතියක් තියෙනවා.

මම කැමති නම්..
ඔව් කැමති නම් ඔබතුමාට වහ බොන්න පුළුවන්. හැබැයි ඒකත් නීතියෙන් තහනම්. මොකද සිය දිවි නසාගන්න අයිතියක් නැහැ.

ඉංග්‍රීසි ඉගෙන ගත්‍තට මැරෙන්නෙ නෑනෙ. ඔබතුමාගේ නායකයා කතා කරන්නෙ ව්‍යවාසාය ලෝකයක් ගැන. ව්‍යවසාය ලෝකයට යන්න පුළුවන් ද ඉංග්‍රීසි නැතුව?
මාධ්‍යවේදියෙක් නම් සාධාරණව හැසිරෙන්න.

Latest News

More like this

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...