වඳුරු උණ (mpox) වසංගතය දරුණු වේ.. ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි

අප්‍රිකානු කලාපය පුරා වඳුරු උණ හෙවත් mpox රෝගයේ පැතිරීම නරක අතට හැරීමත් සමඟ සිය ඉහළම අනතුරු ඇඟවීම වන ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (අගෝස්තු 14) කටයුතු කළා.

කොංගෝ රාජ්‍යයෙන් ආරම්භ වුණු වෛරසයෙන් රෝගීන් 13,700 ක් වාර්තා වී ඇති අතර මේ දක්වා අවම වශයෙන් පුද්ගලයින් 450 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා.

මේ වන විට වෛරසය මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවේ ප්‍රදේශ පුරා ව්‍යාප්ත වී ඇති අතර විද්‍යාඥයින් මෙම රෝගයේ නව ප්‍රභේදයන් හා මරණ අනුපාතයන් පිළිබඳ දැඩි සැලකිල්ලක් යොමු කර තිබෙනවා.

අනතුරු ඇඟවීම නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්හනොම් ගේබ්‍රියේසස් (Tedros Adhanom Ghebreyesus) අප්‍රිකාව තුළ සහ ඉන් ඔබ්බට තවදුරටත් පැතිරීම “ඉතා කනස්සල්ලට කරුණක්” බව සඳහන් කළා.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ mpox රෝගීන්ගේ වැඩිවීම සහ අවට රටවලට ව්‍යාප්ත වීම හේතුවෙන් WHO විශේෂඥයින්ගේ රැස්වීමක් කඩිනමින් කැඳවු අවස්ථාවේදි මෙම තීරණය ගනු ලැබුවා.

මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් යනු රටවල් 196කට නීත්‍යානුකූලව බැඳී ඇති ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි යටතේ අනතුරු ඇඟවීමේ ඉහළම මට්ටමයි.

Mpox සම්ප්‍රේෂණය වන්නේ ලිංගික ක්‍රියාකාරකම්, සමෙන් සමට සම්බන්ධ වීම සහ වෙනත් පුද්ගලයෙකුට සමීපව කතා කිරීම හෝ ආශ්වාස කිරීම වැනි සමීප සම්බන්ධතා මගිනි.

එය උණ වැනි රෝග ලක්ෂණ ඇති කරයි. සමේ තුවාල සහ මාරාන්තික විය හැකියි. 100 කින් හතරක් මරණයට හේතු වන බව සොයා ගෙන තිබෙනවා.

මෙවර එය වඩාත් මාරාන්තික ලක්ෂණ පෙන්නුම් කරන අතර වෛරසය පැතිර යාමෙන් පසු රෝගාතුර වූවන්ගෙන් 10% ක් දක්වා මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පමණ වෛරසයේ වෙනසක් සිදු වු අතර එය පැතිර යාමේ වේගය ද වැඩි වුණා.

බුරුන්ඩි, කෙන්යාව, රුවන්ඩාව සහ උගන්ඩාව වැනි රටවලින් ද මේ වන විට වෛරසය වාර්තා වී තිබෙනවා.

WHO ප්‍රතිශක්තිකරණ විශේෂඥයින් විසින් mpox සඳහා නිර්දේශ කර ඇති එන්නත් ප්‍රමාණය දෙකකි.

කලින් වඳුරු උණ ලෙස හැඳින්වූ මෙම වෛරසය ප්‍රථම වරට මිනිසුන් තුළ සොයාගනු ලැබුවේ 1970 දීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් 2009 සිට මීට පෙර ප්‍රකාශයට පත් කර ඇත්තේ හත් වතාවක් පමණි.

H1N1 සූකර උණ, පෝලියෝ වෛරසය, ඉබෝලා(දෙවරක්), සිකා වෛරසය, කොවිඩ්-19 සහ mpox එම අවස්ථා හතයි.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!