අවසාන මොහොතේ ප්‍රධාන අපේක්ෂකයකු ඉල්ලා අස් වෙයි.. AI ඔස්සේ විශාල ව්‍යාකූලත්වයක් ඇති කිරීමේ ඉඩකඩක්

2024 ජනාධිපතිවරණය තුළ කෘතිම බුද්ධිය (AI) තාක්ෂණය විශාල ලෙස දුර්මත ප්‍රචාරය කිරීම සඳහා භාවිත විය හැකි බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.

ඒ අනුව යම් කිසි අපේක්ෂකයකුගේ හැඩහුරුකම් සහ ඉරියව්වලින් සංලක්ෂිත AI අනුරුවක් නිර්මාණය වීමේ ඉඩකඩ පවතින බවත් ඒ ඔස්සේ අනෙකුත් අපේක්ෂකයින් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමට ඉඩ ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

එමෙන්ම ප්‍රධාන අපේක්ෂකයකු අවසාන මොහොතේ ඉල්ලා අස්වෙන බවට ප්‍රකාශ වී සමාජය තුළ විශාල ව්‍යාකූලත්වයක් නිර්මාණය වීමේ ඉඩකඩක් පවතින බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.

ඔහු මේ බව පැවසුවේ මෙවර ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර දීමට සමගාමීව පැවති සජිවි රූපවාහිනි වැඩසටහනක් අතරතුරදීය.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...