රනිල්ට “ගෑස් සිලින්ඩරය” හිමි වේ

මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ‘ගෑස් සිලින්ඩරය’ ලකුණ මැතිවරණ කොමිසම විසින් ලබාදී තිබෙනවා.

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දීම අද (15) මැතිවරණ කොමිෂන් සභාවේ දී සිදු කෙරුණු අතර නාමයෝජනා භාර දීමෙන් අනතුරුව ස්වාධීනව තරග කරනු ලබන අපේක්ෂකයින් වෙත සලකුණු ලබා දීම සිදු කෙරුණා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වූ සලකුණ වූයේ ‘ගෑස් සිලින්ඩරය’යි.

ඒ මහතා මුලදී ඔහුගේ සලකුණ ලෙස ‘හදවත’ තෝරාගෙන තිබුණු අතර මැතිවරණ කොමිසම ස්වාධීන අපේක්ෂකයින් වෙත ලබා දෙන සලකුණු ලැයිස්තුවේ එම සලකුණ නොතිබීම හේතුවෙන් එය ඉවත් කර ගැනීමට සිදුවුණා.

ඔහුගේ සලකුණ ඇතුළත් කර නිර්මාණය කරන ලද පෝස්ටරයක් පහත දැක්වේ.

Latest News

More like this

ගුරුවරයෙක් වෙන්න නම් අධ්‍යාපන සභාවේ බලපත්‍රය අනිවාර්යයි

ගුරු වෘත්තියට පිවිසීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන සභාවේ ලියාපදිංචි වී...

රජයේ ආදායම නගී….

රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය...

පෙම්වතා බේරාගැනීමට ගොස් වියානා ඇළට බිලි වූ සරසවි සිසුවිය

ජීවිතය තණ අග පිනි බිඳුවක් යැයි හොඳින්ම දැන සිටියද...

බංගලාදේශයේ ජෙට් යානය පාසලට කඩාවැටීමෙන් මිය ගිය ගණන ඉහළට… බහුතරය පන්ති කාමරයෙන් එළියට දැමූ දරුවන්

බංග්ලාදේශ ප්‍රහාරක ජෙට් යානයක් ඩකා අගනුවර පාසලකට කඩා වැටීමෙන්...
error: Content is protected !!