උතුරු කොරියාවෙන් එවූ තුවක්කුවලට පුටින්ගෙන් එළු පට්ටියක්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර ජුනි මාසයේ පැවති සහයෝගිතා හමුවෙන් පසු රුසියාව එළුවන් 447 ක් උතුරු කොරියාවේ රසෝන් නගරයට යවා ඇති බව වාර්තා වෙනවා.

මෙසේ ත්‍යාග කර ඇත්තේ රුසියාවේ ලෙනින්ග්‍රෑඩ් ප්‍රදේශයෙන් අපනයනය කරන ලද එළුවන් විශේෂයකි.

මෙය රජයේ ප්‍රතිපත්ති සහ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දැඩි ආහාර හිඟයකට මුහුණ දී සිටින උතුරු කොරියාවේ ආහාර හිඟය සමනය කිරීම සඳහා ලබා දීමට සැලසුම් කර ඇති ගොවිපල සතුන් නැව්ගත කිරීම් මාලාවේ පළමුවැන්න බවයි වාර්තා වන්නේ.

හියුමන් රයිට්ස් වොච් සංවිධානයට අනුව, උතුරු කොරියාවේ මිලියන 25.9 ක ජනතාවගෙන් මිලියන 10.7 ක් ආහාර හිඟයෙන් පීඩා විඳී.

රුසියාව 2022 පෙබරවාරි මාසයේදී යුක්‍රේනය සම්පූර්ණයෙන් ආක්‍රමණය කළ දා සිට උතුරු කොරියාව සමඟ සුහදව කටයුතු කරයි.

යුක්‍රේන රුසියාව අතර යුද්ධයේ දී උතුරු කොරියාව රුසියාවට විවෘතව සහාය දී ඇති අතර යුධ පිටියේ රුසියානු හමුදාවන්ට උපකාර කිරීම සඳහා උතුරු කොරියාව ආයුධ සපයන බවට චෝදනා එල්ල වුණා.

ඒ අනුව එළුවන් යැවීම ආයුධ සඳහා කළගුණ සැලකීමක් යැයි විචාරකයින් පෙන්වා දී තිබෙනවා.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...