මේක තමයි රට වෙනස් කරන ඡන්දය.. අපිට දිනන්න පුළුවන්

රට වෙනස් කරන මැතිවරණය ආරම්භ වූ බව අද(15) 2024 ජනාධිපතිවරණය සඳහා නාම යෝජන භාර දෙමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එම වෙනස ඇති කළ හැකි එකම කඳවුර ජාතික ජන බලවේගය බවයි නාම යෝජනා භාර දීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඒ මහතා සඳහන් කළේ.

දීර්ඝ කාලයක් රට විනාශයට පත් කරන ලද ආර්ථිකය කඩා වට්ටන ලද ජනතාව දුකෙන් පීඩාවට පත් කරන ලද ආණ්ඩු හා පාලකයන් පළවා හැර ජනතාවාදී පාලනයක් ගොඩනැගීමට හැකියාව ජාතික ජන බලවේගය සතු බව ඔහු එහිදී සඳහන් කළා.

“මේක තමයි ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ඡන්දෙ. මේක තමයි ජනතාව දිනන ඡන්දෙ. මේක තමයි රට වෙනස් කරන ඡන්දෙ. පුනරුදයක් බිහි කරන ඡන්දේ. අපිට මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන්. රටත් ජනතාවත් වසර ගණනාවක් තිස්සේ විශාල දුෂ්කරතාවලට මුහුණ දුන්නා. මේ තත්ත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාව ජනතාවට තදින්ම තිබෙනවා. ජනතාවත් රටත් දුෂ්කරතාවයෙන් මුදා ගැනීමට මේ මැතිවරණය අපට හැරවිය හැකියි .එය වෙනස් කළ හැකි එකම කඳවුර වන්නේ NPPහා එහි අපේක්ෂයායි”

නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි අනුර කුමාර දිසානායක මහතා පැමිණ සිටි පිරිසගේ උණුසුම් පිළිගැනීමට ලක්විය.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!