සජිත් වීරයෙක්.. අනුර ද්‍රෝහියෙක්

නායකයා හීනමාන කාරයෙක් වුණොත් ඒ රටට බුදු සරණය.අධි මාන්නක්කාරයෙක් වුණොත් ඒ රටට අබ සරණය. රටක් ගොඩයන්නෙ නායකයෝ පරිණත වෙන තරමට.

ඊයේ නාමයෝජනා භාර දීම මැද්දෙ අනුර නාමල්ට අතට අත දුන්නු එකත් රනිල් අත දෙනකොට සජිත් පිටුපෑමත් එක එක්කෙනාගේ දේශපාලන දෘෂ්ටිකෝණවලින් කියවගෙන තිබුණා.

සමහරුන්ට නාමල්ට අත දීපු අනුර ද්‍රෝහියා.සමහරුන්ට රනිල්ට අත නොදුන්නු සජිත් තමයි වීරයා.

ඒත් ඇත්තටම ෆේල් චරිතය සජිත්. සජිත්ගේ හැසිරීමත් පොඩි ළමයෙක්ගේ හැසිරීමත් අතර ලොකු වෙනසක් නැති බව සජිත් ආයෙ වතාවක් ඔප්පු කරා. රනිල් කියන්නෙ සජිත් දේශපාලන ගමන ආරම්භ කරන කඳවුරේ නායකයා. රනිල් සජිත් වෙන්වීමෙන් පස්සෙ එකිනෙකාට එරෙහිව ජනාධිපතිවරණයකට තරග වදින මුල්ම වතාව මේක. හරියටම ගත්තොත් ගුත්තිලයි මූසිලයි වගේ. සජිත්ගේ දේශපාලන ජීවිතේ බොස් එහෙම නැත්නම් ගුරාවගේ කෙනා තමයි රනිල් කියන්නේ.

ඉතින් තමන් එක්ක රින්ග් එක ඇතුළේ ෆයිට් එකට අවතීර්ණ වෙලා ඉන්න ගෝලයාට රනිල් අත දික් කරා. මොනව වුණත් ඒක හරි ලස්සන වැඩක්. ගුරාට ඕන නම් තිබුණා ගෝලයට අතනොදී ලොකු ලයින් එකේ ඉන්න. හැබැයි රනිල් අත දික් කරේ නියම ප්‍රතිවාදියෙක් වගේ. සජිත් කළේ සුපුරුදු උද්දච්චකම රටට ප්‍රදර්ශනය කළ එක.

සජිත් ඇතුළේ ඉන්න මේ නොමේරූ අමුතු සත්වයා එලියට ආව පළමුවතාව මේක නෙවෙයි. මෑත කාලයේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ලංකාවට ආව වෙලාවේ රනිල් ජනාධිපති විදියට විපක්ෂනායක සජිත්ට රාත්‍රී භෝජනයකට ආරධනාකළා. සජිත් ඒ වෙලාවෙත් උද්දච්ච විදියට ජනාධිපති ඉන්න තැනකටවත් මං යන්නෙ නෑ වගේ කතාවක්  කිව්වා. ඒත් ඇත්තටම සජිත් නොගියේ සිංහල බෞද්ධ ඡන්ද කැඩෙනවට බයේ.

අනුර සජිත් විවාදය ගැන ලොකු බලාපොරොත්තුවක් මිනිස්සුන්ට තිබ්බා. අනුර දින පිට දින යැව්වා. ඔයාට පුළුවන් දවසක් කියන්න කිව්වා. ඒත් බැරි නම් මෙන්න මේ දින ඔයාට පුළුවන් ද කියලා ඇහුවා. සජිත් සුපුරුදු විදියට උද්දච්ච කුක්කුච්ච ගතිය පෙන්නුවා. එක්කො සජිත් ඒකාධිපතියෙක්.එහෙම කෙනෙකුට රටක් පාලනය කරන්න දුන්නම කෙළින පිස්සුවලට උදාහරණ ඕන තරම් තියෙනවා මෙහෙත් ලෝකෙත්. නැත්නම් සජිත් කියන්නෙ අනුර කියනව වගේ ළමයෙක්. දේශපාලනික කෝන්තර වෙනයි. ඒව ඒ රින්ග් එක ඇතුළේ බේරගන්න නායකයෙකුට පුළුවන් වෙන්න ඕන හරියට රනිල් වගේ. අනුර වගේ.

ඒව පෞද්ගලික කෝන්තර වුණාම කැතයි. අනුර කියන්නෙ රාජපක්ෂලා වැඩියෙන්ම විවේචනය කරපු දේශාපාලන නායකයෙක්. ඒක දේශපාලනික කෝන්තරයක්. ඒක ඔහු පාර්ලිමේන්තුව ඇතුළේ දේශපාලන වේදිකාවේ දී විසඳගන්න දෙයක්. බලයට ආවොත් නීතියත් එක්ක විසඳගනියි.

මඟදි දැක්කම ඔරවන් යන්න අහක බලන් යන්න ඒක ඔහුට රාජපක්ෂලා එක්ක තියෙන පුද්ගලික කෝන්තරයක් නෙවෙයි.

පාර්ලිමේන්තුවේ, ටී.වී එකේ විවාදවල, දේශපාලන වේදිකාවල, කැමරා ඉස්සරහ බැණ ගන්න ගහගන්න මරාගන්න දේශපාලනඥයෝ සැබෑ ජීවිතයෙත් ගහගන්න මරාගන්න ඕන නැහැ.

ළඟදි ජනාධිපති ලේකම් කාර්යාලෙ ඇතුළෙ දෙන්නෙක් මරා ගත්තා. පාර්ලිමේන්තු ලොබියෙ වලි යන අවස්ථා එමටයි. ඒ තමයි දේශපාලනිකව අවසන් නොවූ පෞද්ගලික කෝන්තර එළියට ආව අවස්ථා.

පාර්ලිමේන්තුවේ සීට් එකේ ඉඳන් මූණට මූණ බැණගන්න අය ලොබි එකෙත් එකට හම්බවුණාම මූණවත් නොබල යන්න ඕන නෑ. කැන්ටින් එකේ දැක්කම ගස්සලා අහක බලාගන්න ඕන නෑ. මළ ගෙවල්වල හම්බුණාම දැක්කෙ නෑ වගේ ඉන්න අවශ්‍ය නෑ.

පරිණත දේශපානඥයෙකුට පෞද්ගලික කෝන්තර අදාළම නෑ.

ඊයේ තමයි රේස් එක හරියටම පටන් ගත්තේ. කවුරුත් දන්නවා සජිත් මේ රේස් එකේ පටන් ගන්නකොටම එක දෙක අතරේ හිටියා කියලා. ඉතින් සජිත්ට අනුරගෙන් රනිල්ගෙන් අඩුම නාමල්ගෙන් වුණත් ඉගෙනගන්නව නම් තාම පරක්කු නැහැ.

මොකද තමන්ටත් තමන්ගේ පවුලටත් වැඩියෙන්ම ගහන නායක‍‍යා අනුර අත දික් කරාම නාමල්ටත් තිබ්බනේ අත නොදී ආයුබෝවන් කියන්න.

Latest News

More like this

සාරා සහ ආදිත්‍ය රෝයි කපූර්ගේ මෙට්‍රෝ දුම්රිය ගමන

ආදිත්‍ය රෝයි කපූර් හා සාරා අලි ඛාන් රංගනයෙන් දායකවන...

ඉන්දියාවේ ජනප්‍රිය තරුවගේ මරණයට හේතුව සුදු වීමට එන්නත් කරගත් ග්ලූටතියෝන් ද?

ජනප්‍රිය ගීතයක් වන Kaanta Laga ගීතයේ මියුසික් වීඩියෝවෙන් ඉන්දියාව...

වසර 21 කට පසු ෂාරුක් ඛාන් නැවත ශ්‍රී ලංකාවට එයි?

රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ නිවාඩු නිකේතනය...

“බිරිඳක් කන්‍යාවක් ලෙස දකින්න එපා” ප්‍රියංකාගේ කතාවේ ඇත්ත නැත්ත

"බිරිඳක් කන්‍යාවක් ලෙස සොයන්න එපා. හොඳ පුරුදු ඇති බිරිඳක්...
error: Content is protected !!