ජනපති ඓතිහාසික දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඊයේ 15) සිය නාම යෝජනා පත්‍ර භාරදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීම සිදු කළා.

දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි.

අනතුරුව දළදා සමිඳුන් වැඩ සිටින ඉහළ මාලයේ කුටිය වෙත පැමිණි ජනාධිපතිවරයා දළදා වහන්සේට පුෂ්පෝහාර දක්වා ආගමික වතාවත්වල නිරත වුණා.

දළදා මාළිගාව වෙත පැමිණ සිටි ජනතාවගේ ද සුවදුක් විමසමින් ඔවුන් සමඟ සුහද කතා බහක නිරත වූ වීමට ද ජනාධිපතිවරයා මෙහි දී කටයුතු කළා.

අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක ද යෙදී සිටියා.

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නායක හිමිපාණන් වහන්සේ ද බැහැදැක කෙටි පිළිසඳරක නිරත වුණා.

අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අස්ගිරි පාර්ශ්වයේ මහා සංඝරත්නය ද එහිදි සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද කරනු ලැබුවා.

 මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් .යූ.ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, ගුණතිලක රාජපක්ෂ, උදයන කිරිදිගොඩ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...