ජනාධිපතිවරණ ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව මෙවර..

2024 ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වී සිටින ඡන්ද පත්‍රිකාව තනි තීරු ආකෘතියකින් නිර්මාණය කරන්නේ නම් එය අඟල් 27ක් දිග සහ අඟල් පහක් පළලින් යුත් දිගම ඡන්ද පත්‍රිකාව වනු ඇතැයි අපේක්ෂා කරන බව මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පවසා තිබෙනවා.

එය තනි තීරුවක් ද ද්විත්ව තීරුවක් ද යන්න තීරණය කළ යුත්තේ මැතිවරණ කොමිසමෙන් බවයි අදාළ මූලාශ්‍රය පවසන්නේ.

එම නිලධාරියා සඳහන් කරන ආකාරයට ද්විත්ව තීරු ඡන්ද පත්‍රිකාවක් නම් එම ඡන්ද පත්‍රිකාව දිග අඟල් 13.5ක් පළලින් යුක්තය. 

ඒ අනුව ජනාධිපතිවරණයක දී ඡන්ද දායකයන් වෙත නිකුත් කළ දිගම ඡන්ද පත්‍රිකාව වනු ඇත්තේ මෙවර ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව බව එම නිලධාරියා සඳහන් කළා.

දිගු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රජයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.

පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දිග වූයේ අඟල් 25 කි.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...