මැකෝ කියන විදියට ඉස්පිරිතාලවල බෙහෙත් දෙන එකත් නතර කරන්න වෙනවා

මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ ජනතාවට සහනාධාර ලබාදීම නවත්වන්නැයි මැතිවරණ කොමිසම දැනුම්දී ඇතත් ඒවා කිසිසේත්ම නතර කළ නොහැකි යැයි ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

මැතිවරණ කොමිසම කිසිදු මැතිවරණයක දී නොකළ ආකාරයෙන් ජනතාවට ලබා දෙන සහනාධාර නතර කරන ලෙසට චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ආරම්භ කරන ලද සහනාධාර ව්‍යාපෘති කිසිසේත් නතර කරනොහැකි බවයි ඔහු සඳහන් කළේ.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළා.

“මැතිවරණ කොමිසම ලිපියක් නිකුත් කරලා තිබුණා ජනාධිපති ලේකම්වරයාට මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ මහජනතාව වෙත සහනාධාර ලබාදීම නතර කරන්න කියලා. ඒ ලිපියට පිළිතුරක් යවනවා ජනාධිපති ලේකම්වරයා මේ රට ආර්ථික වශයෙන් බරපතළ අර්බුදයකට ගියා, එහි ප්‍රතිඵලයක් විදියට දරිද්‍රතාවය වැඩිවුණා, ඒ වගේම රටේ බොහෝ සංවර්ධන වැඩ කඩාකප්පල් වුණා, ඒකට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරලා සහන අරගෙන මේ රටේ ජනතාවට සහන දීමේ වැඩපිළිවෙල අඛණ්ඩව කරගෙන යනවා. ඒ සහන දීමේ වැඩපිළිවෙල අඛණ්ඩව කරගෙන යාම කිසිසේත්ම නවත්තන්න බෑ කියලා. මැතිවරණ කොමිසම කලින් තිබුණෙ නැති ආකාරයේ පිටු හයක විතර චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා මේ සැරේ ජුලි 26 වෙනිදා.

මේ චක්‍රලේඛයේ ඔප්පු දෙන්න බැරි බව, නිවාසවල අයිතිය දෙන්න බැරි බව, අනෙකුත් සහනාධාර දෙන්න බැරි බව පැහැදිලිවම නිශ්චිතව කියලා තියෙනවා. එතකොට දැන් අපේ රටේ දුප්පතුන් ලක්ෂ 25ක් ඉන්නවා. ඒ අයට සහන දෙනවා. ඒ සහන නතර කරන්න කියලාද කියන්නෙ?. එතකොට ඒ මාස දෙක ඇතුළත මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද?. කනබොන දේ ගන්නෙ කොහොමද?.

දැන් එහෙම නම් රෝහල්වලින් බෙහෙත් දෙනවා. ඒකත් නොමිලේනෙ දෙන්නෙ. එහෙනම් බෙහෙත් දෙන එකත් ප්‍රශ්නයක්නෙ, ඒකත් ආණ්ඩුවනෙ කරන්නෙ?. ඉතින් එහෙම නම් ඒකත් නතර කරන්න එපැයි. ඒ නිසා මේවා පිළිබඳ සාධාරණ අදහසකින් මැතිවරණ කොමිසම කටයුතු කරන්න ඕනෙ කියලායි අපි විශ්වාස කරන්නෙ”

සමන් රත්නප්‍රිය මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Latest News

More like this

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...

ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ...
error: Content is protected !!