අගෝස්තු 16 වන දින ප්‍රකාශයට පත් කරන ලද 70 වැනි ජාතික චිත්‍රපට සම්මාන උලෙළේදී බෙංගාලි බසින් හොඳම චිත්‍රපටිය ලෙස සම්මානයට පාත්‍ර වුණේ කෞෂික් ගංගුලි (Kaushik Ganguly) අධ්‍යක්ෂණය කළ ‘Kaberi Antardhan’ චිත්‍රපටයයි.
කෞෂික් ගංගුලි මෙහි රහස් පරීක්ෂක ගෝකුල් චන්ද්‍ර දෙබ්නාත් ලෙස රංගනයෙන් ද දායක වුණා.
“සම්මානයට ස්තූතියි”
“ඒත් සම්මානයක සතුට සමරන්න තරම් මානසිකත්වයක් නැහැ.”
ඔහු මෙහෙම කියන්නේ බෙංගාලයේ මේ වන විට පවතින තත්ත්වය ගැන අතිශය කම්පනයෙන්.
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ අගනගරය වන කොල්කටා හි වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කිරීම මේ වන විට මුළු මහත් ඉන්දියාවම කැළඹීමට පත් කර තිබෙනවා.
කොල්කටා හි වෛද්‍ය විද්‍යාලයක පුහුණු වෛද්‍යවරියක් ලෙස කටයුතු කරමින් සිටි 31 හැවිරිදි වෛද්‍යවරිය අතිශය අමානුෂික ලෙස ඝාතනය කර තිබුණේ දුෂණය කරලා.දරුණු වධ හිංසා දීලා.
” Kaberi Antardhan දුවලා දෙන්නෙක් ගැන පදනම් වුණු කතාවක්. ඔවුන්ගේ අර්බුද පිළිබඳ ඔවුන් දෙදෙනා මුහුණ දෙන අර්බුද ගැන ගෙතුණු කතාවක්. මේ චිත්‍රපටය දියණියන් දෙදෙනෙකුගේ ඉරණම වටා කැරකෙන කාල පරිච්ඡේදයක් ආවරණය කරනවා.වසර ගණනාවකට පසු, බෙංගාල සමාජයේ තවත් දියණියකට මුහුණ දීමට සිදු වූ ඛේදවාචකය දැඩි කම්පනයක් ඇති කළා. R G Kar හොස්පිට්ල් එකේ සිදුවීම සිනමාව හා බද්ධ වීම ගැන අමුතුම හැඟීමක් ඇති කරනවා.
“ඒ නිසා මේ තත්ත්වය තුළ කිසිදු ආකාරයක සැමරුමක් සඳහා මනෝභාවයක් නැහැ.”ඔහු මාධ්‍ය වෙත කියා සිටියා.
Kaberi Antardhan යනු 1970 දශකයේ නක්සල් ව්‍යාපාරය පසුබිම් කරගත් ආදර හා ත්‍රාසජනක චිත්‍රපටයකි.
එහි Prosenjit Chatterjee, Srabanti Chatterjee, Ambarish Bhattacharya, Kaushik Sen සහ Indraneil Sengupta රංගනයෙන් දායක වුණා.