පෞද්ගලික පළිගැනීම් එපා..ජයග්‍රහණයෙන් පසු සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ආරක්ෂා කරන්න

සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ආරක්ෂා කරන්නැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සිය පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියා.

“මහ වැසි නොතකා පැමිණ සිටින මේ දස දහස් සංඛ්‍යාත ජනතාව අපට සහතික කර සිටින්නේ ලබන සැප්තැම්බර් විසි එකවැනිදාට අපේ ජයග්‍රහණය නියත බවයි. සැප්තැම්බර් විසි එක කියන්නේ මේ රට වෙනස් කරන ජාතික ජන බලවේගය දිනවන දිනය. අද මේ පාලකයින් විසින් අපට උරුම කර දී තිබෙන්නේ රටේ සියලු ජනතාවගේ බලාපොරොත්තු බිඳ දැමූ රටක්; අපකීර්තියට භාජනය කරන ලද රටක්. මේ අසාර්ථක පාර දිගේ තවදුරටත් ගමන් කරනවා ද, නැතිනම් මෙයින් මිදිලා නව රට ගොඩනගන මාවතක යනව ද කියලා දැන් ඔබ තීන්දු කළ යුතුයි. කිසිවෙකුගෙන් පෞද්ගලිකව පළිගන්න අපිට අවශ්‍ය නැහැ. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා, ජයග්‍රහණයෙන් පසු සාමය ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ආරක්ෂා කරන්න කියලා”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (17) තංගල්ල බස් නැවතුම්පොලේ පැවති ඒ මහතාගේ මංගල ජන රැලිය අමතමිනි.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!