නයිජීරියාවේ පැහැරගත් වෛද්‍ය සිසුන් 20 ක් මුදා ගැනීමට මෙහෙයුම්

නයිජීරියාවේ නැඟෙනහිර ප්‍රදේශයේදී පැහැරගෙන ගිය වෛද්‍ය සිසුන් 20 දෙනෙකු නිදහස් කර ගැනීමට නයිජීරියානු පොලිසිය සහ ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බව එරට බලධාරීන් සඳහන් කර තිබෙනවා.

වෛද්‍ය සිසුන් වාර්ෂික සමුළුවකට යමින් සිටියදී බ්‍රහස්පතින්දා (අගෝස්තු 15) සවස Benue ප්‍රාන්තයේදී ඔවුන් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය සහ විශ්ව විද්‍යාල ආරංචි මාර්ග පවසනවා. 

කතෝලික වෛද්‍ය හා දන්ත වෛද්‍ය ශිෂ්‍ය සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිසුන් පැහැර ගන්නා විට Enugu නගරයේ පැවති සමුළුවට යමින් සිටි බවයි. 

විශ්වවිද්‍යාල දෙකක වෛද්‍ය සිසුන් 20 දෙනෙකු සහ ඔවුන් සමඟ ගමන් කළ එක් වෛද්‍යවරයෙකු මෙසේ පැහැරගෙන ගොස් ඇති බව එම සංගමය පවසනවා.

ඔවුන්ව නිදහස් කර ගැනීම සඳහා කප්පම් ඉල්ලීමක් කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

නයිජීරියානු වෛද්‍ය සංගමය (NMA) පොලිස්පතිවරයාට ලිපියක් යවමින් සමාජ මාධ්‍ය වේදිකාවේ X හි පළ කරන ලද ලිපියක, පැහැරගත් සිසුන්ගෙන් 12 දෙනෙකු ජෝස් (Jos) විශ්වවිද්‍යාලයේ සහ 8 දෙනෙකු මයිදුගුරි (Maiduguri) විශ්වවිද්‍යාලයේ අය බව සඳහන් කර තිබෙනවා. 

පැහැරගත් සිසුන් අතර එක් සිසුවෙකු ඔවුන් සිටින ස්ථානය බෙදා ගැනීමට සමත් වී ඇති අතර ඔවුන් සිටින්නේ Benue ප්‍රාන්තයේ Oglewu Ehaje ප්‍රදේශයේ බව එමඟින් අනාවරණය වුණා.

මේ අතර පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ,සිසුන් පිරිස ආරක්ෂිතව ගලවා ගැනීම සඳහා “නවීන හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා මෙන්ම විශේෂිත වාහන යොදවා ඇති බවයි.

දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් නයිජීරියාවේ පැහැරගැනීම් සිද්ධීන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර වැඩි පිරිසක් අපරාධ සඳහා පෙළඹී ඇති බව වාර්තා වැඩිදුරටත් පවසනවා.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...