මංගලගේ දුවක් සජිත්ට එක් වෙයි

මෙරට සිටි ප්‍රවීණම, ජ්‍යෙෂ්ඨම සහ කෘතහස්ත දේශපාලඥයකු වූ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහෝදරියගේ දියණිය වන චංචලා ගුණවර්ධන මහත්මිය ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක් වී තිබෙනවා.

මංගල සමරවීර මහතාගේ අභාවයෙන් පසු එතුමාගේ පවුලෙන් දේශපාලනයට පිවිසි පළමු තැනැත්තා වන්නේ චංචලා ගුණවර්ධන මහත්මියයි.

ඇය සමගි ජන බලවේගයට එක්වීමෙන් අනතුරුව මාතර දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබුණා.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...