අනුරට ඡන්ද ලක්ෂ 70ක්..ප්‍රතිශතය 51% 60% 70% ත් ඉක්මවා යයි..

සම්ප්‍රාදයක පක්ෂවලට ලියවී නැති සාතිශය බහුතර ඡන්ද ප්‍රමාණයේ වැඩි ආකර්ශනය පවතින්නේ ජාතික ජන බලවේගයට බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (19) පැවති ව්ශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ලක්ෂ 70 කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා ආකාරය පැහැදිලි කරන ලෙස මාධ්‍යවේදියකුගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.

“අපේ රටේ සාම්ප්‍රදායික පක්ෂවලට ගොනු වූ ජනතාව දැන් නැහැ.ඒ යුගය ඉවරයි.ගෝඨාභයට ලැබුණ ඡන්ද ලක්ෂ 69 ඇතුළේ ලක්ෂ 50 ක් සම්ප්‍රාදයක පාක්ෂිකයා නෙවෙයි.ගෝඨාභයට ලැබුණ 69 ට පොහොට්ටු පාක්ෂිකයා විතරක් නෙවෙයි විශාල වශයෙන් වැඩ කළා වෘත්තියවේදීන්.ව්‍යාපාරිකයන් හා අලුත් තරුණ පරම්පරාව.ඒ නිසා ඒක ඇතුළේ පොහොට්ටුව ලියවුණ ඡන්ද ඉතා කුඩා ප්‍රමාණයක් තියෙන්නේ.

සජිත් ප්‍රේමදාසට ලැබුණු ලක්ෂ 55 ඇතුළේ එතන තිබුණේ සජිත්ගේ ඡන්ද නෙවෙයි.එතන තිබුණේ ගෝඨාභයට එරෙහි ඡන්ද.මතයක් හැදුණා ගෝඨාභය ආවොත් ඒකාධිපතිත්වයක් නිර්මාණය වෙයි,මර්දනය දියත් වෙයි කියලා.ඒ නිසා ඒ ලක්ෂ 55 ඇතුළේ ලක්ෂ 30කටත් වැඩිය තියෙන්නෙ ගෝඨාභයට එරෙහි ඡන්ද.එහෙම බැලුවම ලක්ෂ 80 කට වැඩි ඡන්ද ප්‍රමාණයක් තියෙනව පක්ෂවල ලියවිලා නැති.

ඒ වගේම ලක්ෂ 12 කට වැඩි ප්‍රමාණයක් තියෙනවා අලුත් ඡන්ද.

ඒ වගේම සම්ප්‍රදායික පක්ෂවලින් ක්‍රමානුකූලව පාක්ෂිකයා ගැලවෙමින් සිටිනවා.

එහෙම බැලුවම මෙවර තියෙන ලක්ෂ 170 ක්වන ඡන්ද ප්‍රමාණයෙන් ලක්ෂ 30,40 ක් තමයි පක්ෂවලට ලියවිලා තියෙන්නේ.අනිත් ලක්ෂ 130 ක්ම තියෙන්නෙ පක්ෂවලට ලියනොවුණ ඡන්ද.

ඒ විතරක් නෙවෙයි සාම්ප්‍රදායික පක්ෂවල ඡන්දත් මේ වන විට ගැලවෙමින් යනවා.ගම්වල දශක ගණනාවක් පොහොට්ටුව බදාගෙන හිටිය අය ගැලවෙන්න පටන් අරගෙන තියෙනවා.දශක ගණනාවක් එක්සත් ජාතික පක්ෂය බදාගෙන හිටි අය ගැලවෙන්න අරන් තියෙනවා.”

ඒ අනුව ගණිතමය වශයෙන් වුවත් ජාතික ජන බලවේගයට ලක්ෂ 70 නොව එය ඉක්මවා යාමට ද හැකියාව පවතින බවයි ඔහු සඳහන් කළේ.

දේශපාලන වශයෙන් බැලුවොත් එම සංඛ්‍යාව තවත් ඉහළ යන බව ඔහු ප්‍රකාශ කළා.ඒ අනුව සාමාන්‍යයෙන් 51% ක ඡන්ද ප්‍රතිශතය අනිවාර්යයෙන් ඉක්මවා යන බවත් දේශපාලනික වශයෙන් ගණනය කළහොත් එය 60% සහ 70% ඉක්මවා යාමේ ඉඩකඩක් පවතින බව අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් කියා සිටියා.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...