අනුරලා ව්‍යාපාරිකයන්ගෙන් දේපළ උදුර ගනී?

ජාතික ජන බලවේගයේ රජයක ව්‍යවසායකයින්ගේ දේපළ උදුරාගන්නා බවට දුර්මත ප්‍රචාරය කරනු ලැබුව ද සිය ප්‍රතිපත්තිය වන්නේ ආණ්ඩුවට මුදල් උපයාදෙන ව්‍යවසායකයින් තවත් ශක්තිමත් කිරීම යැයි එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත් වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ණය බරින් මුදවා ගැනීම සඳහා සහන බැංකුවක් යෝජනා කර ඇත්තේ ද ඒ අනුවයි.

ඔවුන්ගේ ණය සහන බැංකුව යටතට අරගෙන ඔවුන් වාණිජ බැංකුවලින් නිදහස් කර නැවත තම ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා මුදල් ලබා දෙන ක්‍රමවේදයක් ඒ අනුව සකස් කරමින් පවතින බව ඔහු සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ අද (19) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරයි.

අපේ ව්‍යවසායකයා ඉදිරියට යාමට නම් මිලියන 22 ක මාකට් එකෙන් එළියට යායුතු බව ද ඒ සඳහා වන ප්‍රතිපත්ති හා තානාපති කාර්යාල හරහා වෙළඳපොළවල් සොයා දීමේ ක්‍රමවේදය විට නිර්මාණය කරමින් පවතී.

ව්‍යවසායකයා ශක්තිමත් කර ඔහු උපයන මුදලින් සාධාරණ බදු මුදලක් ලබා ගැනීම ජාතික ජන බලවේගයේ ආර්ථික උපාය මාර්ගය බව ඔහු කියා සිටියා.

ඒ අනුව මෙතෙක් පැවති ව්‍යවසායකයා අමාරුවේ හෙලූ කර්මාන්‍ත කඩා වැට්ටූ යුගය අවසන් කරන බව ඔහු අවධාරණය කළා.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...