හරීන් සහ මනූෂ උපදේශකයින් කර රනිල් නටන නාඩගම..අනුර හෙළි කරයි

මැතිවරණ කොමිසම පැහැදිලිව නිර්ණායක ඉදිරිපත් කර තිබිය දී මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රීධුර හා අමාත්‍යධුර අහිමි වූ මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු වෙත එම අමාත්‍යාංශ සඳහාම උපදේශකවරුන් ලෙස පත් කර තිබීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එමෙන්ම මෙවර ජනාධිපතිවරණය සඳහා  රාජ්‍ය මුදල් හා රාජ්‍ය දේපළ විශාල වශයෙන් අවභාවිත කරමින් සිටින බව ඔහු පෙන්වා දුන්නා.

ඒ අනුව මැතිවරණ කොමිසම ඉතා පැහැදිලිව නිර්ණායක ඉදිරිපත් කර තිබිය දී ඒවා කිසිදු සැලකිල්ලකට භාජනය නොකර රාජ්‍ය දේපළ රාජ්‍ය මුදල් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට යොදවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අශිෂ්ඨතම මැතිවරණ ව්‍යාපාරයක යෙදී සිටින බවයි ඔහු සඳහන් කළේ.

එපමණක් නොව එක්සත් ජාතික පක්ෂය ලෙස පෙනී සිටින මුළු කඳවුරම යැපෙන්නේ ආණ්ඩුවෙන් බව ද ඒ මහත සඳහන් කළා.

ජනාධිපතිවරයා මෙන්ම විපක්ෂ නායකවරයා ද මැතිවරණ ව්‍යාපාරය සඳහා විපක්ෂ නායක කාර්යාලය ඇතුළු රාජ්‍ය දේපළ හා මුදල් අවභාවිත කරමින් සිටින බව ද ඔහු කියා සිටියා.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ අද (19)පැවති ජාතික ජන බලවේගයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුරදීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක මහතා…

‘හරීන් ප්‍රනාන්දුගෙත්, මනූෂ නානායක්කාරගෙත් මන්ත්‍රී ධූර ඉවත් වුණා.අමාත්‍ය ධුර ඉවත් වුණා.රනිල් වික්‍රමසිංහ මොකද කරන්නේ.හදිසියේ ඔවුන් දරපු අමාත්‍යාංශවලම උපදේශක තනතුරු දෙනවා.ආයෙ ඒ අමාත්‍යාංශ වාහන,මුදල් ආයේ ඒ අමාත්‍යාංශවලට මැදිහත් වීමේ ඉඩ ලබා දෙනවා.මෙය සිදු කරන්නේ මැතිවරණ කොමිසමේ අලුත් පත්වීම් ලබා දීම වැළැක්වීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී.

රුවන් විජයවර්ධන උපදේශකයෙක්.ඔහුට ආණ්ඩුවේ වාහන.ආණ්ඩුවෙන් පඩි.සාගල රත්නායක උපදේශකයෙක්.ආණ්ඩුවෙන් පඩි.ආණ්ඩුවෙන් වාහන.නවීන් දිසානායක ආණ්ඩුකාරවරයෙක්.අකිල විරාජ් උපදේශකයෙක්.ආශු මාරසිංහ උපදේශකයෙක්.මනූෂ උපදේශකයෙක්.හරේන් උපදේශකයෙක්.”

Latest News

More like this

චැලැන්ජ් එකකට ක්ෂණික ආහාර අධික ලෙස ගත් යෝග්‍යතා පුහුණුකරුවාට අත් වූ ඉරණම

ප්‍රසිද්ධ යෝග්‍යතා පුහුණුකරුවෙකු ක්ෂණික ආහාර අධික අත්හදා බැලීමක් අතරතුර...

තුන්වන ලෝකයේ රටවලට අමෙරිකාව තහනම්…

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “තුන්වන ලෝකයේ රටවල්” වලින්...

ගම්පහට මහා ගංවතුර අනතුරු ඇඟවීමක්

ගම්පහ නගරය හා ඒ අවට අත්තනගලු ඔය සහ උරුවල්...

තුන්වන ලෝක යුද්ධයක බිය මධ්‍යයේ ප්‍රංශය හමුදාව තර කරයි..

රුසියාවෙන් එල්ල වන තර්ජනය සහ යුරෝපා කලාපයේ නව ගැටුමක්...